
නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය රාජගිරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි දැරියකි.
ඉකුත් සතියේ ඇයට හටගත් සුළු අසනීප තත්ත්වය පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනය වී තිබුණි.
පසුගිය සෙනසුරාදා ඇයව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබුණි.
“මගේ දරුවට වෙච්ච දේ වෙනත් කිසිම දරුවෙකුට වෙන්න දෙන්න එපා. කොරෝනා ට ජය ගන්න ඉඩ දෙන්න එපා.,” යැයි මියගිය දැරියගේ මව පැවසුවාය.
මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණු අතර ඇයගේ පවුලේ සාමාජිකයින් සියලුදෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බැවින් ඇයට පිං පැමිණවීම ප්‍රදේවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි
Comments
Post a Comment
Your comment will be visible after approval