
නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කොට ඇති මෙම කාල සීමාව තුළ පොලිස් ස්ථාන මට්ටමෙන්
බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව
මහතා පැවැසීය.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදා හැරීම වෙනුවෙන් පමණක් අදාළ ලියකියැවිලි ඉදිරිපත්
කොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඊට අදාළ බලපත්‍ර නිකුත්
කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති සේවකයන්ට පමණක් අදාළ සේවා හැඳුනුම්පත් සහ සේවයට
කැඳවීමේ ලිපි ඉදිරිපත් කොට අදාළ සේවා ස්ථානයට පමණක් ගමන් කළ හැකි බවද, පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා කීය.
පොලිස් මාර්ග බාධකවලදී පොලිස් නිලධාරීන් මේ බව පරීක්ෂා කිරීමේදී ඔවුනට ඒ සඳහා අවශ්‍ය සහාය
ලබා දෙමින් අදාළ සේවා හැඳුනුම්පත් සහ කැදවීමේ ලිපි ලබාදීමට කටයුතු කළ යුතු බවද හෙතෙම
වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ නමුත් පොදුවේ සියලුදෙනා නිවෙස්වලටම වී ආරක්ෂාකාරීව සිටිය යුතු බවත් ළඟම ඥාතියකුගේ
අවමංගල්‍ය කටයුත්තකදී සෞඛ්‍ය හේතුන් මත පමණක් අදාළ ස්ථානයට යෑමේ අවසරය එම ජනතාවට හිමි
වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval