
ඉන්දියාවේ සෝකේෂ් චන්ද්‍රසේකර යන අය සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා සම්භවය සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ප්‍රකාශයක් ලබාගත් බව ඉන්දීය පොලිසිය සඳුදා මාධ්‍ය වෙත දන්වා තිබේ. ඇය ඊයේ උදෑසන 10.30 ට පමණ පොලිස් මූලස්ථානය වෙත පැමිණි බවත්
මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස 36 හැවිරිදි නිළිය දිල්ලියේදී පැය 4 ක් සාක්ෂි ලබාදුන් බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ඇයව කැඳවා තිබූ බවත් වාර්තාවේ.
කෝටි ගණනක කප්පම් ගැනීමේ ජාවාරමක චූදිතයෙකු වන චන්ද්‍රසේකර සම්බන්ධ ආන්දෝලනයක් මෙම දිනවල ඉන්දියාවේ පවතින අතර ඊට එරෙහිව සිදු කෙරෙන මුදල් විශුද්ධිකරණ විමර්ශනය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇත.
සෝකේෂ් චන්ද්‍රසේකරට අයත් නිවාසයක් ලබාගැනීමට ජැක්ලින් සිය පෙම්වතා සමග සම්බන්ධවී සිටීම හා ඇතැම් මුදල් ගනුදෙනු ඇගේ හා ඔහුගේ බැංකු ගිණුම් අතර පැවතීම මෙම ප්‍රශ්න කිරීමට හේතුවයි. මලයාලම් නිළියක වන ලීනා මරියා පෝල්ද මෙම නඩුවට අදාළව ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.
පසුගිය සතියේ චන්ද්‍රසේකරගේ පරිශ්‍රයන් කිහිපයක් වටලන්නට පොලිසිය කටයුතු කර තිබුණි. චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාවක්, රුපියල් ලක්ෂ 82.5 ක මුදල් සහ සුඛෝපභෝගී කාර් දුසිමකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වංචා කිරීම සහ කප්පම් ගැනීම යන චෝදනා යටතේ දිල්ලි පොලිසිය විසින් ඔහුට එරෙහිව විමර්ශන සිදු කරයි.
අවුරුදු 17 සිට අපරාධ ලෝකයේ කොටසක් වී සිටින පාතාල නායකයෙකු බව කියන චන්ද්‍රසේකර දැනට ඉන්දියාවේ රෝහිණී බන්ධනාගාරයේ සිරගතව සිටියි.
(ඉන්දියා ටුඩේ ඇසුරිනි)
Comments
Post a Comment
Your comment will be visible after approval