
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ඊයේ (30) එම ධුරයේ වැඩ භාරගත්තේය.
විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට මිලින්ද මොරගොඩ මහතාගේ නම යවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේයි.
ඒ අනුව ඔහුව එම ධූරයට පත්කර වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව මොරගොඩ මහතා එහි වැඩ භාරගැනීම විශේෂත්වයකි.
මීට පෙර එම ධූරයේ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් 2001 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි මොරගොඩ මහතා අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ අතර පාත් ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා ද වෙයි.
මොරගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval