covid-distribution

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.  


රත්මලාන
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පසුගිය කාලයේ කොරෝනා මර්දන ක්‍රියාවලියේ දිගටම නියුතුව සිටි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට 30 වැනිදා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට අනුව කෝවිඩ් ආසාදිත වීම නිසා ඔහුගෙන් බිරිඳ සහ දරුවකුට ද කෝවිඩ් ආසාදනය වී මේ වනවිට නිවාස නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය.


ගම්පහ
 ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වයිරස ආසාදනය වී ඇති විසි දහසකට වැඩි පිරිසක් ඊයේ (30) උදෑසන වන විට නිවාසවලම සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඍගමයේ උප සභාපති ඇස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පැවැසීය.  එම රෝගීන් ගණනට දිනපතාම අලුත් රෝගීන් එකතු වන බව ද  උප සභාපතිවරයා කීය. මේ තත්වය ඉදිරියේ දී පාලනය කළ නොහැකි තත්වයකට පත් වුවහොත් සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්වයකට පත් වන බව ද උප සභාපතිවරයා කියා සිටියේය. එම රෝගීන්ගේ අධීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පිරිසක් යෙදී  සිටින බවත් පෙර පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට එම  රෝගීන් අධීක්ෂණය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති නමුත් බරපතළ තත්වයක් මතුවන රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හැකි මට්ටමින් දායක වන බව ද හෙතෙම සඳහන් කළේය.



තංගල්ල
තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් බල ප්‍රදේශයේ සිදුකළ සෞඛ්‍ය පරීක්ෂණවලින් කුඩාවැල්ල එකම පවුලේ මව පියා දරුවන් ඇතුළු අට  දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවත් ඔවුන් ඊයේ (30) උදේ වන තෙක් නිවසේම රදවා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.  ඔවුන්ගේ ආශ්‍රිතයන් ද අවට නිවෙස්වලම නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.



හික්කඩුව
 ගෙවී ගිය සති දෙකේ දී සිය බල ප්‍රදේශයෙන් කොරෝනා මරණ 23ක් වාර්තා වූ බව හික්කඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි. වාර්තා වූ මරණ සියල්ලම කොරෝනා ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියවුන් බව ද එම කාර්යාලය කියයි.

 පුත්තලම
ඇඳිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයක් 28 දෙනකුව නිරෝධායනයට ලක්කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
මදුරන්කුලිය - කනමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ උල්ලංඝනය කරමින් මංගල උත්සවයක් පවත්වන වන බවට තොරතුරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබී ඇත. ලද තොරතුරු අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යනවිට එහි සිටි පිරිසක් පලා ගොස් ඇත.. රැඳී සිටි පුද්ගලයන් 28 දෙනකුව එම නිවස තුළම නිරෝධායනයට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. ඔවුන් පවුල් 9 කට අයත් බව කියති. නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතර විවාහයට පත් මංගල යුවළද වෙති.


වාද්දුව
 වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයන් 127 දෙනකු සඳහා පසුගියදා (28) වාද්දුව මහජන ක්‍රීඩාංගණයේ දී කරන ලද, රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් 122 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රන්ජන් ද සිල්වා මහතා පැවැසීය.

බලපිටිය
 කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි එක්දරු මවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරණයේ දී අනාවරණය විය.  මියගොස් ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 69 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියකි. ඇය හතිය හා අධික රුධිර පීඩනයෙන් පෙළී ඇත. ඉකුත් 17 වැනිදා ඇය කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත. පසුගිය 23 වැනිදා නිවසේ සිටිය දී එකවරම සිහිසුන්ව ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු කරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.  ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 28 වැනිදා මියගොස් ඇත. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරනු ලැබීය.


කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන්න්තවත් කොරෝනා මරණ 14ක් ඉකුන්ද (14) වාර්තා වීය. පොලිස් වසම් මට්ටමින් එම මරණ වාර්තා වූයේ මෙසේය.  ඒ මතුගම 1, බණ්ඩාරගම 2, වාද්දුව, 1, කළුතර 3, පයාගල 1, කළුතර උතුර 1, අළුත්ගම 2, හොරණ 2 හා ඉංගිරිය 1ක් වශයෙනි.

 කළුතර දිස්ත්‍රික්කයෙත් නව කොරෝනා ආසාදිතයන් 257 ක් පෙරේදා (29) වාර්තතා විය. පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයන් වාර්තා වූයේ මෙසේ ය. ඒ අගලවත්ත 38ක්, බුලත්සිංහල 8ක්, මතුගම 22ක්, ඉත්තෑපාන 14ක්, කිනියාවල 2ක්, පානදුර දකුණ 32ක්, බණ්ඩාරගම 6ක්, පිංවත්ත 12ක්, පානදුර උතුර 6ක්, හිරණ 30ක්, කළුතර දකුණ 13ක්, කළුතර උතුර 6ක් ,පයාගල 13ක්, අලුත්ගම 02 ක් බේරුවල 3ක්, දොඩම්ගොඩ 11 ක් තෙඹුවන 2ක්, වරකාගොඩ 6ක් මොරගහහේන 20ක් හා ඉංගිරිය 10ක් වශයෙනි.


සියඹලාණ්ඩුව
සියඹලාණ්ඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් ගල්අමුණ ප්‍රදේශයේ පුද්ගලයකු කොරෝනා ආසාදනය වීමෙන් පෙරේදා (29) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගත වූ දින දෙක ඇතුළත පුද්ගලයන් සිව් දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගිය අතර පෙරේදා (29) රැජිඩ් ඇන්ටිජන් පරීක්ෂණවල දී නව ආසාදිතයන් 52 දෙනකු වාර්තා වී ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි.  අවුරුදු පොකුරේ මේ වන විට හඳුනාගත් සමස්ත රෝගීන් පිරිස 1400 ඉක්මවා ගොස් ඇති අතර මෙතෙක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති සමස්ත පිරිස 12 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන පළමු  මාත්‍රාව ඊයේ දිනයේත් (30) ස්ථාන හතරක දී ලබාදීම සිදුකළ අතර  මේ වන විට හයදහසකට අධික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් වෙනුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ.

මධ්‍යම පළාත
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය  දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්  19 වයිරසය  ආසාදිත මරණ ගණන 1410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.  කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිදුව ඇති මුළු මෙම මරණ 1410 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 824 ක්, මාතලේ  දිස්ත්‍රික්කයෙන් මරණ 342 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ  253ක් වශයෙන් මෙම මරණ 1410 අයත් බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගෙවී ගිය පැය 24 ක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් නව මරණ 18ක් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම පළාත තුළ විසිපන්ලක්ෂයකට අධික පිරිසකට මේ දක්වා (29) කොවිඩ් මර්දන එන්නත් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය  සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  ඒ අනුව මධ්‍යම පළාත් තුළ 2,507,467 සඳහා එන්නත් ලබා දී ඇති අතර පළමු මාත්‍රාව 1,511,099 ක් දෙවැනි මාත්‍රාව 996,370ක්  වෙත ලබා දී ඇත. මහනුවර දිස්ත්‍රික්කය තුළ 1,372,046 සඳහා එන්නත් ලබාදී ඇති අතර පළමු මාත්‍රාව 832,527ක් දෙවැනි මාත්‍රාව 539,519ක් වෙත ලබා දී ඇත. මාතලේ දිස්ත්‍රික්කය තුළ 563,944ක් සඳහා එන්නත් ලබාදී ඇති අතර පළමු මාත්‍රාව 301,421 ක් දෙවැනි මාත්‍රාව 262,523ක් වෙත ලබා දී ඇත. නුවරඑළිය දිස්ත්‍රික්ක තුළ 571,479 සඳහා එන්නත් ලබා දී ඇති අතර පළමු මාත්‍රාව 377,151ක් දෙවැනි මාත්‍රාව 194,328ක් වෙත ලබා දී ඇත.



මධ්‍යම පළාත් සමස්ත කොවිඩි 19 ආසාදිතයන්  සංඛ්‍යාව නව ආසාදිතයන් 588 ක් සමග (29) වාර්තාවීමත් සමග 54,7062 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  මධ්‍යම පළාත් තුළින් (29) ගෙවුණු පැය 24 කාලයේ වාර්තා වූ  නව ආසාදිතයන් සංඛ්‍යාව 588 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 322ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 214 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  52ක් ලෙසිනි. මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයන් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 27,515 කි. මාතලේ  දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 14774 දෙනකු ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11,773 ද මේ දක්වා වාර්තා වී ඇත. මධ්‍යම පළාතෙන් මේ දක්වා වාර්තාවන සමස්ත කොවිඩ් 19  මරණ සංඛ්‍යාව 1410 ක් දක්වා ඉහළ ගොස් ඇත.

බදුල්ල

 කොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි කාන්තාවකට සිදුකළ සිසේරියන් සැත්කමක් මගින් එම දරුවා බිහිකිරීමට බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු සමත් වූ අතර බිහිකළ දරුවාට ද කොවිඩ් 19 ආසාදනය වී තිබී ඇත.  කෙසේ නමුත් මව සහ බිලිඳා කොවිඩ් වලින් ද සුව පත්කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.  මෙම දරු ප්‍රසුදියට ලක් වූ බදුල්ල දෙමෝදර පදිංචි තරුෂි නිසංසලා (29) මහත්මිය සහ ඇගේ සැමියා වන සුමුදු චින්තක මහතා පැවසුවේ බදුල්ල මහ රෝහලේ රෝගී සත්කාරය ඉතා විශිෂ්ට අන්දමින් සිදු වූ නිසා ජීවිත බේරා ගැනීමට හැකි වූ බවය.


දකුණු පළාත

 දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් පෙරේදා (29) අලුතෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් 958 සමග දකුණේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52493 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්දන මෙහෙයුම් මැදිරියේල්සම්බන්ධීකරණ නිලධාර් චාමර මහගමගේ  මහතා පැවසීය. ඒ අනුව ගාල්ල දිසාවෙන් පෙරේදා ආසාදිතයන් 416 ක්, මාතර දිසාවෙන් ආසාදිතයන් 121 ක්, හම්බන්තොට දිසාවෙන් ආසාදිතයන්  383ක්, බලපිටිය රෝහලෙන් ආසාදිතයන් 12ක් කරාපිටිය ශික්ෂණ ‍ රෝහලෙන් ආසාදිතයන් 10ක්, ඇල්පිටිය රෝහලෙන් ආසාදිතයන් 1ක්, කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආසාදිතයන් 14ක් සහ ගාල්ල බන්ධනාගාරයෙන් ආසාදිතයන් 1ක් වශයෙන් මෙම ආසාදිතයන් 958 හඳුනාගෙන තිබේ.
 මෙම ආසාදිතයන් සමග ගාල්ල දිසාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26314 දක්වා ද මාතර දිසාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16494 දක්වා ද හම්බන්තොට දිසාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 9685 දක්වා ඉහළ ගොස් ඇතැයි ද චාමර මහගමගේ වැඩි දුරටත් සඳහන් කළේය.