
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කරන තුරු මාස 2 ක කාලයක් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමට ඇමැති මණ්ඩලය ඊයේ (30 වැනිදා) තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කිරීම සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය පිළිගන්නා ලදී. ඉන්පසු මේ පිළිබඳව සාකච්ඡා කළ ඇමැති මණ්ඩලය තීරණය කළේ ඉදිරි මාස දෙක සඳහා රුපියල් 5000 ක මුදලක් ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් වෙත ලබාදීමටය. ඇමැති අනුකමිටු යෝජනාව එළැඹෙන අයවැයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම යෝජනාවට ගුරු සංගම්වල ප්‍රතිචාරය තවම වාර්තා නොවන අතර ඔවුන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදුනහොත් දැනට නවතා දමා ඇති ඔන්ලයින් ඉගැන්වීම යළි අරඹන්නට හැකිවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval