
මෙරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ පූර්ණ බලය යුධ හමුදාවට පවරා ඇති බව වාර්තා වේ.
ඇමරිකානු නිෂ්පාදනයක් වන මෙම ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයින්ට ලබාදීමේ සිද්ධි කිහිපයක් පසුගිය සතියේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.
ඒ අනුව මින් ඉදිරියට ෆයිසර් එන්නත යුධ හමුදාවේ මූලිකත්වයෙන් අදාළ පුද්ගලයින්ට ලබාදෙන අතර නිසි ක්‍රමවේදයෙන් බැහැරව, සුදුසුකම් නොලබන කිසිවෙකුට එම එන්නත ලබානොදෙන බවයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර තිබුණේය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ෆයිසර් එන්නත ලබාදීමේදී සෞඛ්‍ය අංශවලම මැදිහත් වීමෙන් පිටස්තර ප්‍රදේශවල වාසය කරන පුද්ගලයින්ට මෙන්ම වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ද එම ලබාදීමේ සිද්ධි වාර්තා වී තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval