
දෛනිකව කොරෝනා ආසාදිතයින්ට ලබාදිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ටොන් 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය සිදුවීමට පෙර මෙරට රෝගින් සඳහා ඔක්සිජන් ටොන් 20 ක් ප්‍රමාණවත් වූ බවද ඔහු පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval