
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අගෝස්තු මස වැටුප කොරෝනාවෙන් පීඩාවත් පත්ව සිටින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරු 14දෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කර ඇති කෝවිඩ් අරමුදල සඳහා සිය මාසික වැටුප බැර කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.මීට අමතරව රට පුරා විසිරී සිටින 1,300ක් පමණ වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ගෙන්ද මේ සඳහා දායකත්වය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval