අමිතාබ් බච්චන්  රඟපෑ කලියා චිත්‍රපටයේ “Jahan teri ye nazar hai” ගීතයත් සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” මිශ්‍ර කර ඉදිරිපත් කිරීම නිසා පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ගේ ගීතයක් බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඇගයුමට ලක්කර එයට සිය ට්විටර් ගිණුම මගින් ප්‍රසිද්ධියක්ද ලබාදී තිබේ.


මෙම වීඩියෝ පටය සංස්කරණය කර ඇත්තේ අමිතාබ්ගේ මිණිබිරියක වන  නව්‍යා නවේලි වන අතර අමිතාබ් එවැනි සටහනක් තබන්නට එයද හේතුවක් විය.
“මැණිකේ මගේ හිතේ” යන ගීතය ශ්‍රී ලංකාවේ කලාකරුවන් වන සතීෂාන් රත්නායක සහ යෝහානි ද සිල්වා විසින් ගායනය කරන්නක් වන අතර මේ වනවිට මිලියන 29 ක් යූ ටියුබ් නැරඹුම් ලබා ඇත.

Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover - Yohani & Satheeshan