Colombia recruits 18,000 children for the Farc Guerrilla War

කොලොම්බියාව තුළ ක්‍රියාත්මක වූ ෆාර්ක් ගරිල්ලන් සිය යුද මෙහෙයුම් සඳහා ගෙවුණු වසර 20ක කාලයේදී දරුවන් 18,000කට අධික පිරිසක් බඳවාගෙන ඇතැයි අනාවරණය වී තිබේ. එරට ක්‍රියාත්මක අත්තර්වාර යුක්ති අධිකරණය මගින් මෙම කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව මෙම කාලසීමාව තුළදී එම දරුවන් විවිධ අඩන්තේට්ටම්වලට ලක්ව තිබෙන බවත්, මෙය එම සංවිධානය සිදුකළ යුතු අපරාධයක් බවත් අධිකරණය සඳහන් කර තිබේ.Revolutionary Armed Forces of Colombia නම් මෙම ෆාර්ක් ගරිල්ලා සංවිධානය 2016 වසරේදී සිය ආයුධ අත්හැර දේශපාලන ප්‍රවාහය වෙත යොමු විය.

ඒ අනුව මෙම සංවිධානයේ ක්‍රියාකාරිත්වය ඉහළින්ම පැවැති 1996 සහ 2016 කාලය තුළදී මෙලෙස දරුවන් වැඩි වශයෙන් එම සංවිධානය වෙත බඳවා ගැනීම සිදුව තිබෙන බව පැවසෙයි."මේ ආකාරයට දරුවන් යුද්ධය සඳහා යොදා ගැනීම කොලොම්බිර්යානු සමාජය. වේව්දනාවට පත් කරවන්නක්.

දැනට සිදුකර තිබෙන ඇස්තමේන්තුවට අනුව පිරිමි සහ ගැහැණු දරුවන් 18,667දෙනෙකු යුද්ධය සඳහා බඳවා ගෙන තිබෙනවා. කිසිදු විවාදයකින් තොරව මෙය වඩාත් දරුණු ක්‍රියාවක්.” යනුවෙන් මෙම අධිකරණයේ ප්‍රධානියා පවසා ඇත. මෙම ගලා කණ්ඩායමේ ක්‍රියාකාරකම් හේතුවෙන් වින්දිතයන් බවට පත් වූ කණ්ඩායම් සහ බලහත්කාරයෙන් ඒ සඳහා බඳවා ගත් බව පැවසෙන පුද්ගලයන් 274 දෙනෙකු සිදුකළ කරුණු දැක්වීම් සහ සාක්ෂි ලබාදීම් හරහා මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත.
Colombia recruits 18,000 children for the Farc Guerrilla War