
හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ පියා වන ඩබ්ලිව්. කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි. කෙටි කලක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට අසූ හතර හැවිරිදි වියේ පසුවුයේය.
වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කළ ඩබ්ලිව්.කාරියවසම් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ බවද පැවසේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කුලියාපිටිය වීරඹුව පවුලේ සුසාන භූමියේදී හෙට (17) සවස සිදුකරන බව කාරියවසම් මහතා දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval