
අහුන්ගල්ල ගොරකකොඩ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල තිබී පිරිමියකුගේ මළ සිරුරක් ඊයේ (8) වැනිදා දහවල් සොයා ගත් බව අහුන්ගල්ල පොලිසිය කියයි. බලපිටිය වැල්ලබඩ ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි අයෙකුගේ මළ සිරුර මෙසේ සොයා ගැනුණු බව පොලිසිය කියයි. සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය නරක් වී තිබු බවත් දින කිහිපයකට උඩ මොහු මිය යන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.
මෙය ඝාතනයක්ද නොඑසේනම් දුම්රියේ හැපීමෙන් මිය ගියේද යත්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය කියයි.. බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ලුෂාන් වඩුතන්ත්‍රි මහතා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂාවක් සිදු කළ අතර මළ සිරුර බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් විධිමත් පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය. අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
-එම්.සුසිල් ප්‍රියන්ත-
Comments
Post a Comment
Your comment will be visible after approval