gl-peris-school-reopen

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ සැළසුම් කර තිබූ පරිදි සැප්තැම්බර් මුල් සතියේදී පාසල් නැවත විවෘත කිරීම රට තුළ දැනට පවතින තත්වය හේතුවෙන් අවිනිශ්චිත බවය.


රජය සැලසුම් කර තිබුනේ අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලුම ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීමට වුවත් එය කළ නොහැකි තත්වයක් පෙන්නුම් කරන බවත් ඒ හේතුවෙන්
සැප්තැම්බර් මාසයේ මුල් සතියේ සිට විධිමත් ක්‍රමවේදයකට අනුව පාසල් ඇරඹීමට නොහැකි බව පෙනී යන බවත් කියා සිටියේය.
නැවත ඔන්ලයින් වැඩ ඇරඹිය යුතු නමුත් ගුරුවරුන් විසින් දැනට පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ ඊටද බලපෑම් මතුවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.