The young man who went to take a selfie fell down from the bridge and died
යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු ඊයේ

(08) සවස එම පාලමින් වැටී මුහුදු ජලයට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර අද (09)
උදෑසන සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.



පන්නෙයි පාලම මතට නැගගත් තරුණයා අත තිබූ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ
ගනිද්දී පය ලිස්සා එකවරම පාලමෙන් පහලට වැටුනු බවට අසල්වාසීන් පොලීසියට පවසා තිබෙයි.



කෙසේ වෙතත් පාලමෙන් වැටී ඇත්තේ මුහුදු රල සහිත ප්‍රදේශයකට වන අතර මේ හේතුවෙන්
ප්‍රදේශවාසීන්ට වැටුනු තරුණයා සෙවීමට නොහැකිවීමෙන් පොලීසියට දැනුම් දී ඒ බව නාවික හමුදා
නිලධාරීන්ටද දැනුම් දෙනු ලැබුවේය.

කෙසේ වෙතත් පාලමෙන් වැටුනු තරුණයා නාවික නිලධාරීන්ගේද සහයෙන් පැය කිහිපයක් සෙවීම සිදුකිරීමෙන්
පසුව අද අලුයම් කාලයේදී සිරු සොයාගැනීමට නාවික සෙබලුන් සමත්ව තිබෙයි.

මෙලෙස පාලමෙන් වැටී මිය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි 31 හැවිරිදි වී ගෞතමන් නැමති තරුණයෙකතු
බවට අනාවරනය වී ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)