
පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු තිදෙනකු නිරෝධායන ඇඳිරිනීතිය කඩකරමින් ජීප් රථයකින්
ගමන් කරමින් සිටියදී දෙහිඅත්තකණ්ඩියේදී අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා (21දා) දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ කුඩාඔය පාලම ආසන්නයේ මාර්ග සෝදිසි
රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරීන් විසින් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ රථවාහන පරීක්ෂා
කිරීමේදී නිරෝධායන ඇඳිරිනීතිය කඩකරමින් ජීප් රථයකින් ගමන් කරමින් සිටි මේ තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ සිට දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ කැලෑගම ගම්මානය වෙත පැමිණෙමින්
සිටි බවත් මින් එක් සැකකරුවකු එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ ප්‍රත්‍රයකු වන
යසෝද රංගෙ බණ්ඩාර යන අය බවට හඳුනාගෙන ඇත.
ඔහුට අයත් සේවා ස්ථානයක සේවය කරන සේවකයෙක් කැලෑගම පිහිටි නිවෙස වෙත ඇරලීම සඳහා එමින්
සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි කියති. දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසූ පරිදි මූලික පරීක්ෂණවලින්
අනතුරුව සැකකරුවන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇත. තව දුරටත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
ගිරාදුරුකෝට්ටේ - එස්.පී. හේරත්
Comments
Post a Comment
Your comment will be visible after approval