
චීන සයිනොෆාම් එන්නත ගැන සිදු කරන විමර්ශනයේදී ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් හෙළිදරව් කළ පර්යේෂණයක් මේ වනවිට අන්තර්ජාල මාධ්‍යෙය් ප්‍රසිද්ධව ඇත. චීනයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වන සීජීටීඑන්, ෂිංහුවා වැනි පුවත් සේවාවන්ද සයිනොෆාම්හි ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගන්නේ ලංකාව ආශ්‍රය කොට සිදුකළ බව කියැවෙන මෙම පර්යේෂණයයි.
ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නිලීකා මලවිගේ හා ජීවන්දර යන වෛද්‍යවරුන් දෙන්නා මෙම පර්යේෂණය සිදුකර ඇත.
මෙම පර්යේෂණ සම්බන්ධ ගැටලු සහගත තත්වයන් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (අයිසීටීඒ) හිටපු සභාපති ආචාර්ය ඉරාන් වික්‍රමරත්න මහතා සිදුකරන අදහස් දැක්වීමක වීඩියෝවක් මේ සමග පළවේ.
Source-A24 News
Comments
Post a Comment
Your comment will be visible after approval