When-Apollo-14-crashed-the-Pope-also-said-that-we-should-tell-God-Minister-Keheliya

පසුගිය දිනෙක රටේ ‘සෞඛ්‍ය ප්‍රශ්නය දෙවියන්ට භාර කරමු‘ යයි පැවසූ ජනමාධ්‍ය ඇමතිවරයා අද දින නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන්නට යෙදිණි. ඔහු රටේ අධ්‍යාපන වෘත්තිකයකුට ‘කාලකන්ණි‘ යයි පැවසීම නිසාද පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති වී තිබිණි.
ඔහුගේ කතා බස්වලට සමාජ මාධ්‍ය වෙතින් දැඩි ලෙස පහර වදිද්දී ඔහු ඒවාට පිළිතුරුද දුන්නේය.
පහත පළවන්නේ  සෞඛ්‍ය ඇමති වන්නට පෙර ඊයේ (15) ඔහු ඒ ගැන දක්වා තිබුණ ප්‍රතිචාරයකි.
‘මට පිටරටවලිනුත් මේක ගැන කෝල් ආවා.

සමහරු  කිව්වා මේ ගැන කතාකරන්න එපැයි කියලා. ඒත් මං කියන්න කැමතියි අපි සේරම පෘථග්ජන මිනිස්සු. අපිට සංස්කෘතියක් තියනවා. අපට අධ්‍යාත්මික වටිනාකම් තියනවා. ඕනෑම ආගමකින්. මං ඉල්ලීමක් කරනව කවුරු හරි අසාධ්‍ය ලෙඩෙක් ඉන්නව නම් හොයල බලන්න. දොස්තර කෙනෙක් ගාවට ගිහාම දොස්තර කියන්න ඉඩ තියෙනවා ‘මෙඩිකලි අපිට කරන්න පුලුවන් දේ අපි කරල ඉවරයි ඉතිරි ටික දෙවියන්ට කියන්න ..‘ කියල නේද.. එහෙම අහල නැද්ද කවදාවත්
එක්කෝ බෝධිපූජාවක් හරි කරන්න කියලා.. අද රටේ තත්වයත් එහෙම තමයි. අද මුළු ලෝකයම කියනවා මේකට තියන එකම හා ප්‍රබලම විසඳුම එන්නත කියලා.
අද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඇරෙන්න සියලුම එන්නත් ලංකාවෙ තියනවා. මේ එන්නත් පෙළක් අය ගහන්නෙ නැහැ .. මුලදි ඒත් දැන් ලොරි වලින් ඇවිල්ලා ගහගන්නවා.
දැන් මේ මගේ වචනය අරගෙන ගහන්නෙ නොදන්නවා නෙමේනෙ මේක. කතෝලික අය දෙවියන්ට යාඥා කරනවා. ඉස්ලාම් අය අල්ලාහ්ට කියනවා. ඒ අය ෆාස්ටිනුත් කරනවා. සිංහල අය කියන්නෙ තුණුරුවන්ගේ පිහිටයි.දෙවියන්ගේ පිහිටයි කියලා.
ඉස්පිරිතාල වලට ගේන්නෙ නැද්ද පෙළක් වෙලාවට පිරිත් ටිකක් කියන්න කියලා. ඒකනේ ඇත්ත.. ඉතින් මේ ඇත්ත කොහොමද ඉතාමත්ම නින්දිත පහත් මට්ටමට පරිවර්තනය කරන්නේ.
රටේ තත්වයට දෙයියන්ගෙ පිහිටයි කිව්වාම..අපි පරිස්සම් නොවුනොත් දෙවියන්ගෙම පිහිටයි තමයි ඉතින්.
දැන් අර පෙළපාලි ගිහින් වැඩ කරනකොට ඒකට තව වෙන මොනවද කියන්න පුළුවන්.


ඒ විදිහට හැසිරෙනවනං.. ඒ වගේම අපි වෛද්‍යවරයෙක් ගාවට ගියොත් ඔය දේකියනවා. එංගලන්තය ඇමරිකාවට ගිහින් බැලුවත් ‘වී හැව් ඩන් එව්රිතිං පොසිබල්.. ලෙට්ස් ප්‍රේ...‘ කියනවා.
ඇපලෝ 14 ද කොහෙද කඩා වැටෙන කොට පාප්තුමාත් ලෝකෙට කිව්වා යාඥා කරන්න කියලා..
මේක තමයි ආගමික පසුබිමක් තියෙන ඕනම රටක වෙන්නෙ.
විශේෂයෙන් ආසියාකරයේ ඒ සංස්කෘතිය වැඩියි. එහෙම තියෙද්දිත් පැණිය දෙන්න කීවාය මුට්ටි දාන්න කියනවාය කියල ඒවත් විවේචනය කරනවනේ...

ඔහුගේ කතාවේ හඩ පටය පහතින්