
ශරීරයේ විවිධ සුළු අසාත්මිකතා ගැන සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් කොරෝනා මර්දන එන්නත් විදගැනීමට මැළිකමක් හෝ බියක් දක්වා ඇති බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා රූපවාහිනී වැඩසටහනකට පැමිණ දන්වා සිටියේය.
එය පුහු බියක් බව පවසන ඔහු අසාත්මිකතා නිසා කොරෝනා එන්නත් විදගැනීමට නොහැකි වන්නේ නම් ඒ ඉතා සුළු පිරිසක් වනු ඇති බවත් ආසාත්මිකතා නිසා ඇතිවන සංකීර්ණ රෝග ලක්ෂණ සහිත ඉතා සුළු පිරිසක් පමණක් මේ බිය ඇතිකරගතයුතු වුවත් ඒ අයට පවා සුදුසු කොරෝනා එන්නත් තිබෙන බවත් සඳහන් කළේය.
ඇතැමුන් තරුණ කාලයේ අඹ කෑවාම ඇඟ කසනවා.. පළු දානවා වැනි ඉතා සරල හේතු දක්වමින් කොරෝනා එන්නත විදගැනීමට නොයා සිටීම කිසිසේත් කළ යුතු දෙයක් නොවන බව ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය ක්ෂෙත්‍රයේ ඇතැමුන් පවා මෙම ඇතැම් සරල හේතු මත එන්නත ලබා නොදීමට තීරණය කරනු දක්නට ඇති බවත් එය හිතකර නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා මේ ගැන කරන පැහැදිලි කිරීම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval