Lanka e News forecaster arrested for blasting Indian High Commission tomorrow

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ, මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය නිදහස් දිනය හෙටට යෙදී ඇතිඅතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත්, ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසත් ඉල්ලමින්, කීර්ති රත්නායක මහතා ලිපියක් ලියා තිබීම අත් අඩංගුවට ගැනීමේ හේතුව බවත් වාර්තා වෙයි.
කීර්ති රත්නායක හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස සේවය කළ අයකු බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම ලේඛකයා පාස්කු බෝම්බ ප්‍රහාරයට තුන්මාසයකට පෙර ලංකාවේ බෝම්බ පුපුරා යා හැකි බවට ආරක්ෂක අභ්‍යන්තර කරුනු ඔස්සේ තොරතුරු වාර්තාකරන ලදැයි අදාළ වෙබ් අඩවිය දන්වා ඇත.


කලාපයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන තලේබාන් ත්‍රස්තවාදීන්ගේ නැගී ඒමත් ඒ පසුපස චීන ආණ්ඩුව සිටීමත් ගැන කරුණු දක්වමින් හෙට (15) ඉන්දීය ජාතික නිදහස් දිනය අතරතුර මෙකී ප්‍රහාරය එල්ලවන බවට ප්‍රශ්නකාරී ලිපියේ සඳහන්ව තිබී ඇත.

මෙම ලිපිය නිසා වහා ක්‍රියාත්මක වූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දිල්ලියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දිල්ලි ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය අමතා තම මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා ඇතැයිද එකී වෙබ් අඩවිය දැන් වාර්තාකර තිබේ.