දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටිය රොයිටර් පුවත් සේවය හරහා  ජාත්‍යන්තර මාධ්‍ය තුළද මේ වනවිට පුවත් මවමින් සිටී.

 දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ වර්ධනය වෙද්දචී දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ
ප්‍රියන්ත සහබන්දු මහතාගේ අදහසක් මත මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටි අඩුමුදලට නිපදවීම ආරම්භ කර තිබුණි.
ශ්‍රී ලංකාවේ මිලෙන් අවම ලී වලින් සකසන මිනී පෙට්ටියක් රුපියල් 25000 -30000ත් අතර මිලකට අලෙවි වන අතර කාඩ්බෝඩ් මිනී පෙට්ටියක් මේ වන විට රුපියල් 4500ක මුදලකට අලෙවි කරයි.
සහබන්දු මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද කාඩ්බෝඩ්වලින් නිපදවන
මෙම මිනී පෙට්ටයකට කිලෝග්‍රෑම් 100ක බරක් දරා ගත හැකි බවයි


මුලින්ම මෙය කොවිඩ් සිරුරු වෙනුවෙන් සකස් කළ පරිසරයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වන විට එම පෙට්ටිය පිළිබඳව අවධානය යොමුකර තිබේ.
2020 වසරේ මුල සිට කාඩ්බෝඩ් මිනී පෙට්ටි 350ක් පමණ බෙදා හැර ඇති බවද සහබන්දු මහතා දන්වා ඇත.