
සිය දරු උපත බලාපොරොත්තුවෙන් ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට කොරෝනා
වෛරසය ආසාදනය වී තිබූ අතර ඇයගේ දරු ගැබට ඒ වන විට මාස 05ක් සම්පුර්ණ වී තිබුණි.
වෛද්‍යවරුන් කළ පරීක්ෂණයේදී මාස 05ක් වන දරු ගැබටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව හෙලිව තිබුණි.
මේ හේතුවෙන් දරුවාට මෙලොව එළිය දකින්නට කොරෝනා වෛරසය ඉඩ ලබානොදුන් අතර දරු කලලය ඇයගේ කුස තුළම මිය ගොස් තිබුණි.
මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරු ඇයට සැත්කමක් සිදුකර මිය ගිය කළලය ඉවත් කිරීමට
කටයුතු කරනු ලැබූහ.
මෙලෙස ඉවත් කළ කළලයේ අවසන් කටයුතු ඊයේ (25) දිනයේ සවසම ගම්පොළ ආදාහනාගාරයේදී සිදු
කරන්නට යෙදිණි. ආදාහනාගාරය වෙත කුඩා පෙට්ටියක දමා කලලය රැගෙන ගිය ආකාරය මෙම චායාරූප වල දැක්වේ.


Comments
Post a Comment
Your comment will be visible after approval