Kusal and Danushka applied to America, but Dickwella did not

මේ දිනවල ක්‍රිකට් ලෝකයේ ආරංචි වාර්තා කර තිබුනේ  එංගලන්තයේදී ජෛව බුබුල බිඳදමා විනය කඩ කර තරඟ තහනමකට ලක්ව සිටින කුසල් ධනුෂ්ක හා දික්වැල්ල ඊළඟට කරන්නට යන දේවල් ගැනයි. 

මෙහිදී විදෙස් වෙබ් අඩවි මගින් ඇමරිකාවට පැනයාමට අයදුම් කළ ක්‍රීඩකයින් දෙන්නෙකු ගැන සඳහන් කර තිබූ අතර කුසල් සහ තව කෙනෙක් ලෙස එහි දැක්වුණි.

ඒ නිසා ඇමරිකාවට යන්න නොසිතූ ක්‍රීඩකයා ධනුෂ්කද දික්වැල්ලද යන්න සැකයක් පැවතිණි.
නමුත් දේශීය ක්‍රිකට් ආරංචි වාර්තා කරන්නේ නිරෝෂන් දික්වැල්ල නැවත වරක් ශක්තිමත් ආරම්භයක් ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ අරමුණින් පුහුණු වීම් වල නියැලෙන බවයි.
දිනකට පැය 08ක් පමණ ක්‍රිකට් පුහුණු වීම්වල නිරත වීමටද දික්වැල්ල කටයුතු කරන බවත් හැකි ඉක්මණින් තහනමෙන් පසුව කණ්ඩායම සමඟ එක්වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබ වසරක ක්‍රිකට් තරඟ තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත්ගේ මඟ අනුව යමින් නැවත ශක්තිමත්ව කන්ඩායමට එක්වීමේ අරමුනින් සිටින බවත් එම ආරංචි වාර්තා කර තිබේ.
දික්වැල්ල විනය කමිටුව ඉදිරියේ දී  සියලු චෝදනා පිළිගනිමින් සිදුවුණු දේ පිළිබඳව පසුතැවෙන බව ප්‍රකාශ කර තිබූ ක්‍රීඩකයෙකි.

පෙර වාර්තාව
තරග තහනමට ලක්වූ කුසල් ධනුෂ්ක හා දික්වැල්ල ඇමරිකාවට පනින සූදානමක්