
ලබන සඳුදා (23) සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිළ රුපියල් 05 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
රෝල්ස් පැටිස් පේස්ට්‍රී මාළු පාන් බිත්තර පාන් සීනි සම්බල් පාන් එළවළු රොටි ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර කේක් කිලෝවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.
තෙල් මිල ඉහළයාම වෙනස්වෙතැයි අපේක්ෂාවෙන් සිටියත් එසේ සිද්ධවන අයුරක් පෙනෙන්නට නැති නිසා හා ගෑස් මිලද ඉහළ ගිය නිසා කලින් බලපොරොත්තුවූ පරිදි මිල ඉහළ දමන්නට සිදුවූ බවත් සිය ජීවිකාව පවත්වා යාමට පාඩුපිට ව්‍යාපාර කළ නොහැකි බවත් පාරිභෝගිකයින් වෙත කණගාටුවපළ කරන බවත් ඔවුන් දන්වා ඇත
Comments
Post a Comment
Your comment will be visible after approval