රටපුරා නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති මධ්‍යයේ උවදඅධිවේගී මාර්ගයන්හි ඉදිකිරීම්, දැනට ක්‍රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් ඇතුළුව මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගිරට පුරා ක්‍රියාත්මක කර ඇති සියලු මාර්ග සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 

කෝවිඩ් වසංගත තත්වයේවද දැනට සංවර්ධනය කර ඇති ව්‍යාපෘතීන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යා යුතු ආකාරය පිළිබදව Zoom තාක්ෂණය ඔස්සේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,




"කෝවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති ඒනිසා අත්හිටුවන්නේ නැහැ. රටේ දැනට පවතින වසංගතය පාලනය කිරීමට මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතත් සංවර්ධන ව්‍යාපෘතීක්හි සේවය කරන සියලු සේවකයන්ට තමන්ගේ රාජකාරී හැදුනුම්පත ඉදිරිපත්කර බාධාවකින් තොරව තමන්ගේ සේවා ස්ථානයට පැමිණීමේ හැකියාව පවතිනවා. ඒඅනුව මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම්, නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම්, ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යනාදී සංවර්ධන ව්‍යාපෘතීන්හි වැඩ කටයුතු සොඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යනවා.” යැයිද පවසා සිටියේය.

(සාකල්යා සඳමාලි)