ඉදිරි සතියේ කැබිනට් සංශෝධනයක් සිදු වීමට ඉඩ ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.


ඒ අනුව ප්‍රධාන පෙළේ පුටු කිහිපයක් මාරු වීමට නියමිතය.
මේ දිනවල කොරෝනා මර්දනය සම්බන්ධ සාර්ථක නොවූ බවට චෝදනා නැගෙන පවිත්‍රා වන්නිආරච්චිට වෙනත් විෂයයක් භාරදී නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත් කරනු ඇති බවත් මෙම ආරංචි වාර්තා කර තිබේ.
රටේ දිවෙන ප්‍රධාන වසංගතය භාර පවිත්‍රා වන්නිආරච්චිගේ වෙනස් කිරීම විශේෂ කතාබහකට ලක්වන කාරණාවක් වනු ඇතැයිද කියැවේ.

ඒ අතරම පසුගිය කාලයේ විවේචනයන්ට බඳුන්වූ මහාචාර්ය ජීඑල් පීරිස් අධ්‍යාපන අමති ධූරයෙන් ඉවත් කිරීමටද තිරණය කර ඇත.
විදේශ ඇමති ධූරය දරන දිනේෂ් ගුණවර්ධන මහතාට උසස් අධ්‍යාපන ඇමතිධූරය ලබාදී මහාචාර්ය ජීඑල් පීරිස් විදේශ ඇමති ලෙස පත්කරන්නට යෝජනාවී ඇත්තේ මීට ඉහතත් ජීඑල් පීරිස් එම තනතුර දරා ඇති නිසාය.
ප්‍රසන්න රණතුංග අධ්‍යාපන ඇමතිවරයා කරන්නට යන බවද වාර්තාවේ.
සෞඛ්‍ය, අධ්‍යාපනය, වැවිලි කර්මාන්ත,සංචාරක විදේශ අමාත්‍යංශ වල වෙනස් කම් මෙන්ම බල ශක්ති, ජනමාධ්‍ය  විෂය පථයන්ද වෙනස් වනු ඇතැයි වාර්තාවෙයි.
පොහොට්ටුවට බාහිර පක්ෂ වලින් එක්වූ විමල් වීරවංශ, උදය ගම්මංපිල ආදීන්ගේ තනතුරුවල වෙනසක් සිදු වනු ඇතිබවටද ආරංචි පවතී.

දැනට වාර්තාවන යෝජනාවන් මෙසේය
  1. නව සෞඛ්‍ය ඇමති - රමේෂ් පතිරණ
  2. නව අධ්‍යාපන ඇමති - ප්‍රසන්න රණතුංග
  3. නව උසස් අධ්‍යාපන ඇමති - දිනේෂ් ගුණවර්ධන
  4. නව ජනමාධ්‍ය ඇමති - ඩලස් අලහප්පෙරුම
  5. නව විදේශ ඇමති - ජීඑල් පීරිස්
  6. නව වැවිලි කර්මාන්ත ඇමති - කෙහෙලිය රඹුක්වැල්ල
  7. නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි