කිරුළපන ප්‍රදේශයේ තෙමහල් නිවසක වාසය කළ දහනව හැවරදී තරුණියකට ලිංගික අතවර කිරීමට ගිය බව පැවැසත 36 කදී අවිවාහකයකු පෙරේදා (31) වැනිදා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.  

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත් පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි. සිද්ධිය වූ දා රාත්‍රී සිය සහෝදරයා අවමඟුල් නිවෙසකට ගොස් නැවත නිවෙසට පැමිණීම හේතුවෙන් නිවසේ දොර වසා අගුළු නොදමා තිබී ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු රාත්‍රී එකට පමණ නිවසට ඇතුළු වී තරුණිය නිදා සිටි කාමරයට පැමිණ අධික නින්දේ පසු වූ තරුණියගේ සිරුර ස්පර්ශ කර ඇතැයි පැවැසේ.



එම අවස්ථාවේදී අවදි වූ තරුණිය එකවරම කලබලයට පත්වී කෑ ගැසීමට යෑමේදී, සැකකරු තියුණු ආයුධයක් පෙන්වා මරණීය තර්ජනය කොට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි පැවැසේ. එම අවස්ථාන්වේදී සැකකරුගේ අතැති ආයුධය දෙස විමසිල්ලෙන් බැලීමේදී එය තියුණු ආයුධයක් නොව,

අඩි රූලක් බව අනාවරණය වීමත් සමඟ ක්‍රියාත්මක වූ තරුණිය, සැකකරුට පා පහරක් එල්ල කර කාමරෙන් එළියට පැන ඇති බව ද පොලිසිය පවසයි.එම අවස්ථාවේදී නිවසින් පලායමින් සිටි සැකකරුගේ ජංගම දුරකතනය නිවෙසේ පියගැටපෙළෙහි වැටී ඇති අතර, එය නිවැසියන් විසින් අහුලාගෙන පොලිසියට භාර දී සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබුණි.

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප්කුමාර කුලරත්න)