
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් අසූ හයදෙනා අතරින්, හතළිස් හයදෙනකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටන තවත් විසි දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉතිරි ශ්‍රී ලාංකිකයින් 20 දෙනා ඇෆ්ගනිස්ථානයේම තවදුරටත් රැඳී සිටීමට කැමැත්ත පළ කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබේ. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් අදාළ රටවල තානාපතිවරුන් සමග පැවති සාකච්ඡාවලදී මෙම ඉල්ලීම් කර තිබේ.
-නයන තරංග ගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval