ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ මාධ්‍ය කැමරා කණ්ඩායමක් ඉදිරියේ පළ කළ අදහස් පහත පරිදිය.
'පැහැදිලිව ක්‍රිකට් වලට වෙලා තියෙන දේ පිළිබඳව මම ඊයේ දිනයේදීත් පාර්ලිමේන්තුවේ සඳහන් කලා.. මේක දිර්ඝකාලීන පසුබැසීමක් නිසා තමයි මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්නේ හැබැයි කෙසේ වෙතත් මෙය අපි ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් කමිටුව මහේල ජයවර්ධන මැතිතුමා,රොෂාන් මහානාම මැතිතුමා, මුරලිදන් මැතිතුමා, කුමාර සංගක්කාර මැතිතුමා මේ සියළුදෙනා ඒ ක්‍රිකට් ගොඩනගන්න අවශ්‍ය සැලැස්ම හදලා තියෙනවා..  එ හින්දා මම හිතන්නේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ domestic සහ school cricket. domestic structure එක වෙනස් වෙන්න ඕන. school cricket structure එක වෙනස් වෙන්න ඕන.මේ වෙද්දී ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඊළඟ සීසන් එකේ ඉඳන් එ ටික වෙනස් වෙයි. එ වගේම ඒ සංචිත දහනමයෙන් පහළ ද මේ සියල්ලම යළ අපි කැඳවලා තියනවා. එ වගේම තමයි පුහුණුවීමේ ක්‍රමවේදයන් හා පුහුණුකරුවන්ගේ යම්කිසි තීන්දු තීරණ කිහිපයකුත් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ක්‍රිකට් වලට ආදරය කරන් සියලුදෙනාටම කණගාටුයි සහ දුකයි එය මම ඇතුළුව සියලුදෙනාටම තියෙන දෙයක්. හැබැයි කෙසේවෙතත් මෙය ඉදිරියට ප්‍රවර්ධන කරමින් දියුණු කරමින් අපි කටයුතු කළ යුතුයි. එ නිසා මම ප්‍රේක්ෂකයන්ගෙන් කරුණාවෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ අද සැලැස්මක් අපි හදලා තියෙනවා, එ වගේම තරුණ ක්‍රීඩකයන්ට අපි අවස්ථාව දීලා  තියෙනවා.


එ තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ ලක්ණු අතරට එන්න තමන් ලබන ස්ථානය තහවුරු කරගන්න යම්කිසි සාධරණ කාල සීමාවතක් අපි දෙන්න ඕන. ඒ  සාධරණ කාලය දෙනවා වගේම ඒ සඳහා අවශ්‍ය පරිසරය අපි ගෙඩනගන්න ඕන. ඒ හින්දා මේ දිර්ඝ කාලයක් තිස්සේ මේ වැටුන ක්‍රිකට් ගොඩනගන්න අපි සියලුදෙනාම එකතුවෙලා කටයුතු කරන්න ඕන. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගෙ පැත්තෙන් ,රටේ ජනතාවගේ පැත්තේන් එ සදහා ක්‍රීඩකයන්ගේ මනසිකත්වය දියුණු වෙන්න අපි කටුයුතු කළ යුතුයි කියලා මම දැඩිසේ අමාත්‍යවරයා විදියටත්, ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදියටත්, ක්‍රීඩකයෙක් විදියටත් විශ්වාස කරනවා. එ හින්දා මම හිතන්නේ අපි මේ ක්‍රීකකයන්ට සාධාරණ කාලයක් දෙමු. එ වගේම දෙනවා වගේම තමයි අපි බලාපොරෝතු වෙනවා ඒ ක්‍රීඩකයොත් තමන්ගේ විනය ආරක්ෂා කරමින් ජයග්‍රාහික විලාසයෙන් ක්‍රීඩා කරන්න කටයුතු කරයි කියලා.

වගකීමෙන් අපි කියන්නේ ක්‍රිකට් ගොඩනගන්න අවශ්‍ය සැලැස්ම දිගුකාලීන සැලැස්ම අපි ක්‍රියාත්මක වෙමින් පවතිනවා.  එය කිසිසෙත් අපි දේශපාලනීකරණය කරන්න අපි සූදානම් නැ.


ක්‍රීඩකයෙක්ට අවස්ථාව දුනන්ම ඒ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීම ක්‍රීඩකයාගේ වගකීම. හැබැයි ඒ ක්‍රීඩකයා ඒ අවස්ථාවෙන් උපරීම ප්‍රෙයා්ජන නොගෙන පරිපාලකයන්ටයි ,පුහුණුකරුවන්ටයි චෝදනා කරනවා නම් එක වැරදි. අපි දැක්කා මුත්තායියා මුරලිදන් මැතිතුමාලා එ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක හැප්පුනා විතරක් නෙමෙයි පාඩි නැතුව ගෙවිම් නැතුව මාස 18ක් ක්‍රීඩා කරලා ජයග්‍රාහණ වලටත් ගියා..එකෙන් පැහැදිලි වෙන්නේ ක්‍රීඩකයන්ටත් වගකීමක් තියෙනවා. ඔවුන් ඒ වගකීම යුතුකම ඉටු කරනකොට අපට පුළුවන් අමාත්‍යවරයා විදියට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න තීන්දු තීරණ ගන්න.  '