wariyapola-incident

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා සුදුසු ස්මාර්ට් ජංගම දුරකථනයක් අහිමි වාරියපොළ ඤාණෝදය විද්‍යාලයේ

10 ශේ‍ර්ණියේ සිසුවකු පදිංචි නිවෙසේ කාමරයේ ගෙලවැලලාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධියක්

වාරියපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා විය. 

16 හැවිරිදි නමැති සිසුවා පසුගිය දින ඔහුගේ කාමරයේ දොරගුළුලාගෙන

ඇඳඇතිරිල්ලක් භාවිත කර ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන බව වාරියපොළ පොලිසිය සඳහන් කළේය. 


මොහු පවුලේ දෙවැනි දරුවා වන අතර මෙදින මවුපියන් වත්තේ වැඩක නිතර වී ආපසු නිවෙසට පැමිණ ඇත.

කාමරයේ ‍දොර විවෘත කර බැලීමේදී සිසුවා ගෙල වැලලාගෙන සිටිනු දුටු බව මවුපියෝ පොලිසියට



පැවැසූහ. කුරුණෑගල පළාත් මහ රෝහලට දරුවා රැගෙන ගිය බවත් වාරියපොළ පොලිස් ස්ථානාධිපති

ප්‍රධාන පොලිස් පරීක්ෂක තළවත්ත මහතා පැවැසීය.


මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය ජංගම දුරකථන පහසුකම් නොමැතිවීම දරුවාගේ සිය දිවි හානි කර

ගැනීමට හේතුව බවට දැනට තොරතුරු  අනාවරණය වී ඇති බවත් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වන

බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.


කුරුණෑගල පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.පී.කේ. විජේවීර මහතා මරණ

පරීක්ෂණයේදී මෙය ගෙල සිරවීමෙන් වූ මරණයක් බවට තහවුරු වී ඇත. එළවිටිගම  හදිසි මරණ පරීක්ෂක

ප්‍රේම පුෂ්ප හේරත් මහතා මරණ පරීක්ෂණය කෙළේය.




කුරුණෑගල දිශාව හාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත සහ කුරුණෑගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි

ක්‍රිෂාන්ත ජයවර්ධන මහත්වරුන් උපදෙස් මත සහ වාරියපොළ කොට්ඨාසය භාර ස. පොලිස් අධිකාරි

චන්ද්‍රසේන බණ්ඩාර මහත්වරුන්ගේ නියෝගයෙන් වාරියපොළ පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කුරුණෑගල _ රවිඳු සූරියබණ්ඩාර