
කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යැවීමට කටයුතු කළ බව කියන දොම්පෙ ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය කරන ආයතනයක් ඊයේ (19දා) සවස මුද්‍රා තබා ඇත.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරක් අනුව ගම්පහ පාරිභෝගික අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් සමග කළ වැටලීමකින් පසු මෙම ස්ථානයට මුද්‍රා තබා ඇත.
මෙහිදී කල්ඉකුත් වූ මිලිලීටර් 500 ප්‍රමාණයේ කිරි බෝතල් 1500 ක් සහ කලවම් කිරීමට රැගෙන ආ තවත් එළකිරි තොගයක් සොයාගෙන ඇත.
ෆාම් ලංකා කව් මිල්ක් නමින් මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවත් එහි අනු ශාඛාවක් ලෙස කුලියට ගත් නිවෙසක මෙම වැටලීම කළ ආයතනය පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. වැටලීම කරන අවස්ථාවේ එහි කළමනාකරු ඇතුළු හය දෙනෙකු එහි සේවය කර ඇත.
කල් ඉකුත් වූ කිරි බෝතල් කර වෙළෙඳපළට යවන බවට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ බියගම පොලිසියට අනියුක්ත නිලධාරීන්ට ලද තොරතුරක් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාරගේ උපදෙස් මත මෙම වැටලීම කර ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval