
පසුගියදා වාහන අනතුරක් සිදුකිරීම නිසා කථාබහට ලක්වූ රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි සිය කකුල් ඇඟිලි වල තුවාල වෙලට දැමූ ප්ලාස්ටර්ද සමග ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබේ. ඇගේ ෆේස් බුක් ගිනුමේ දියනිය සමග මෙම ඡායාරූපය ඊයේ පළ කර තිබුණි.
මහනුවර ප්‍රදේශයේදී උපේක්ෂා පැදවූ වැගන් ආර් රථය ස්කුටරයක් පදවමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු හප්පා තිබූ අතර ඔහු රෝහල් ගත කරන්නට එම අනතුර හේතු විය. අනතුර නිසා උපේක්ෂාගේ රථයටද අලාබ සිදු විය. ඇය පොලිස් ඇප මත පසුදින නිදහස ලැබුවාය.
මෙම සංසිද්ධිය ගැන ෆේස් බුක් රසිකයින්ට ඇය කිසිවක් තවම ප්‍රකාශ කර නැත.
කෙසේ වෙතත් ඊයේ දැමූ ඡායාරූපයට වැටුණ කොමෙන්ටු අතර පහත ඒවාද තිබෙන අතර ඇය ඇතැම්වා මකා දමා ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval