thalawathugoda-death

 තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඒ තුළ මියගොස් ඇතැයි ඊයේ වාර්තා විය.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි.


ඔහු  විවාහක පුද්ගලයෙකු බවත් සම්බාහනය මධ්‍යස්ථානයට පැමිණ සම්බාහනයක් ලබාගනිමින් සිටි අවස්ථාවේ අමාරුවක් ඇතිවී එක්වරම ඇදවැටී මියගිය බව වාර්තා විය.
මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණියේ උදේ පාන්දර 5.30 ට පමණ බවද හිමිකරු පවසා ඇත.
ඔහු මියගියේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි වී නැති අතර මධ්‍යස්ථානයේ අය සෞඛ්‍ය අංශ දැනුවත් කළ පසුව ආරක්ෂිත ඇඳුම් ඇඳගත් සෞඛ්‍ය සේවකයින් පැමිණ ඔහුගේ සිරුර ඉවත්කරගෙන යන ලදි.
ඔහුගේ දේහය මුල්ලේරියාව රෝහලට යොමු කර තිබුණි. රෝහල් ගත කර ඇති දේහය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණයක් පවත්වන්නට නියමිතය.
වැඩිදුර සොයා බැලීමේදී ඔහු මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිව සිටි අයෙකු බවද හෙළිව ඇත.
මරණයට හේතුව කොරෝනා ආසාදනයදැයි තවම පරීක්ෂණ ප්‍රතිඵල ලැබී නැත.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ පැහැදිලි කිරීම පහතින්