hemantha-herath-speaks

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යැම සුළුවෙන්  තැකිය හැකි  දෙයක්  නොවන බවත්, ඒ අනුව ආර්ථික හා සාමාජික කටයුතුවල සීමාවන් නැවත පැනවිමට එය හේතුවක් වනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. 

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, පවතින කෝවිඩ් තත්වය පිළිබඳ ඊයේ (29දා) මාධ්‍ය දැනුම්වත් කිරීම් හමුවකට එක්වෙමිනි. එසේම කාර්යාලවල, වෙළඳ සැල්වල මෙන්ම සුපිරි වෙළඳ සැල්වලද තිබූ සෞඛ්‍ය පහසුකම්  මේ වනවිට අඩාළ වී ඇති බවට නිරික්‍ෂණය වන බව එහිදී පැවසූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදුකරමින් මෙසේ කීය.


"ආසාදිතයන් වැඩිවීම අපට සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙවෙයි. ඒ නිසා සියලුදෙනාම ඉතාමත්ම සැලකිල්ලෙන් සිටිය යුතුයි. එය තවදුරටත් 2,000 දක්වා 2,500 දක්වා වැඩි වුණොත්, අපි  මැයි මාසයේ මුහුණ දුන්න බරපතළ තත්වයට නැවත මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. කාර්යාලවල, වෙළඳ සැල්වල, සුපිරි වෙළෙඳ සැල්වල තිබුණු සෞඛ්‍ය පහසුකම් අද වෙනකොට යම් ප්‍රමාණයකට අඩාළ වෙලා තිබෙනවා. සමෑ කෙනෙක්ම අත සෝදාගෙන ඒ ස්ථානවලින් ඇතුළු වෙන්න කියන එක, විස්තර ලබාගන්න කියන ආදී ඒ කටයුතු නැවත පණගන්වලා ඉදිරියට කර ගෙන යන්න කියලා කියනවා.  එසේ නොවුණහොත් ඉදිරියේදී ඇති විය හැකි රෝගීන් වැඩි වීමත් එක්ක නැවතත් මේ ආර්ථික, සාමාජික කටයුතුවල සීමාවන් ඇති කිරීමට ඉඩ තිබෙනවා” යැයිද අවධාරණය කළේය.


 -නිදර්ශනී වික්‍රමසිංහ-