tehani-egodawela

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා පළමු බලාපොරොත්තුව අද බිඳ වැ⁣ටුණි. මීටර් 10 වායු රයිෆල් කාන්තා ඉසව්ව නියෝජනය කළ ටෙහානි එගොඩවෙලට හිමි වූයේ 49වන ස්ථානයයි. එම තරගයට එක්වූ අය ගණන 50 කි.


ශ්‍රී ලංකාවේ අංක එකේ වෙඩි තැබීමේ ශූරිය වූ ටෙහානි අද පෙරවරු 5 ට පමණ සිය ඉසව්වට පෙනී සිට මෙම ප්‍රතිඵලය ලබාගත්තාය.
මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ Yang Qian සමත් විය. එය මෙවර ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කමයි. රිදී පදක්කම රුසියාවේ Anastasiia Galashina දිනා ගනිද්දී ස්විට්සර්ලන්තයේ Nina Christen ලෝකඩ පදක්කම හිමි කරගන්නා ලදි..

ශ්‍රී ලංකාවේ අනීකා ගෆූර් සහභාගී වන මීටර් 100 සමනළ ආර ඉසව්වේ පළමු මූලික වටයේ තරගය අද පස්වරු 3.55ට පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් කේවල ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට තායිවානයේ Tzu-Wei Wang සමග තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් තරගය පස්වරු 4.30ට ආරම්භ වනු ඇත.