sri-lanka-india-cricket

ඉන්දීය කණ්ඩායම සමඟ අද පැවැත්වෙන දෙවන පන්දු වාර විස්ස තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ
වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව වාර්තාවේ.


 ආබාධයකට ලක්ව සිටින ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමඟ පැවැත්වෙන
විස්සයි විස්ස තරඟාවලියම අහිමිවී යන තත්වයක් වාර්තාවේ.
පළමු තරඟයේදී පාදයේ අබාධයකට ලක්වූ  චරිත් අසලංකගේ යෝග්‍යතා පරීක්ෂණයක් අද (27) සවස
සිදුකිරීමට නියමිත අතර ඉන් පසුව ඔහු පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
එමෙන්ම පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කළ අශේන් බණ්ඩාරගේ ස්ථානයට ක්‍රීඩකයින් දෙදෙනෙක්
සලකා බැලෙන අතර ඒ අනුව අද තරඟයේදී සධීර සමරවික්‍රමට හෝ පැතුම් නිස්සංකට අවස්ථාව හිමිවනු ඇත.යම් හෙයකින් චරිත් අසලංක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවගොත් ඉහත කී ක්‍රීඩකයින්
දෙදෙනාටම අද තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
අද තරඟය සඳහා ඩිල්ෂාන් මුණවීර සහ අසේල ගුණරත්න යන ප්‍රහාරාත්මක පිතිකරු යුගලය
කණ්ඩායමට කැඳවන බවට ආරංචි පැතිර ගියත් එය සත්‍යෙයන් තොර බව වාර්තාවේ.

ඉන්දිය කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය 2-1 ලෙස ශ්‍රී ලංකාව පරාජය විය. තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියේ පළමු තරඟය පරාජය වී තිබේ.