mahindananda-speaks

වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු මිල පිළිබඳව වී මෝල් හිමියන් සමග රජය ලබන සතියේදී ගිවිසුමක් අත්සන් කරන බවත්, එහිදී සෑම සහල් කිලෝවක්ම රුපියල් 50ත් 75ත් අතර මිලකින් අඩු කෙරෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කීවේය.



ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 100කට අඩුවෙන් වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහා කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසුවේය. මේ වනවිට වෙළෙඳපොළේ නාඩු කිලෝව රුපියල් 120කටද, සම්බා කිලෝව රුපියල් 150 කටද, කීරි සම්බා කිලෝව රුපියල් 225කටද අලෙවි කරන බව ඇමැතිවරයා කියයි.

මෙරට සමස්ථ ජනගහනයෙන් සියයට 80ක් නාඩු සහල්ද, සියයට 15ක් සම්බා සහල්ද, සියයට 5ක් කීරි සම්බා පාරිභෝජනය කරන බව හෙළිව ඇත.

රුපියල් 50ට වී කිලෝව මිලදී ගැනීම නිසා ගොවියාට යම් ආර්ථික අවාසියක් වෙනවා නම් ඒ වගකීම ආණ්ඩුව ගැනීමට සූදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

සාලිය කුමාර ගුණසේකර