[Trending][btop]
[News][stack]

රුපියල් බිලියන 100 ක් වටිනා විශාල මැණික් පොකුරක් රත්නපුරින් මතුවේ

විශාල පරිමාණයේ නිල් මැණික් පාෂාණයක් රත්නපුර ප්‍රදේශයෙන් අද දින හමුව ඇති බවට ප්‍රාදේශිය වාර්තා දන්වා සිටී. නිල් මැණික් දහස් ගණනක එකතුවක් (තාරකා නිල් මැණික් පොකුරක්) ලෙස හඳුන්වා ඇති මෙහි බර කිලෝ ග්‍රෑම් 510 ක් පමණ වන බවට මිනුම් කර ඇති අතර එහි වටිනාකම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ වෙතැයි රත්නපුර මැණික් විශේෂඥයින් අදහස් පළ කර ඇත.විශේෂඥ මතය නම් එකවර මෙතරම් විශාල මැණික් පොකුරක් ලොව කිසි තැනක මින් ඉහත සොයාගෙන නැති බවයි.




ශ්‍රී ලංකා මුදලින් රුපියල්  බිලියන 100 කි (100,000,000,000)

මෙය හමුව ඇත්තේ පතලකින් නොව ගෙවත්තකින් බවද වාර්තාවන අතර මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය තහවුරු කර ඇත. ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර  (“සෙරන්ඩිපිටි නිල් මැණික්”) ලෙස ඔවුන් මෙය නම් කර තිබේ.
රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවස පිහිටි ගෙවත්තේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් හාරමින් සිටියදී මෙම මැණික් පොකුර සොයා ගෙන ඇත.
මෙම මැණික් පොකුර ලබාගත් අය  එයට කරන්නට යන දේ ගැන විස්තර තවම අනාවරණය නොවේ.