tunisian-president-is-political-outsider-accused-coup

අප්‍රිකානු මහද්වීපයේ මුදුනේ පිහිටි රටක් වන ටියුනීසියාව දේශපාලන අර්බුදයකට මුහුණපා තිබේ. එරට වත්මන් ජනපතිවරයා විධායක බලතල මගින් අගමැතිවරයාව නෙරපා හැර තිබේ. මෙම නෙරපා හැරීමට හේතු දක්වමින් පවසා ඇත්තේ අගමැති කොරෝනා වසංගතය නිසියාකාරව පාලනය කළේ නැති බවකි.


මේ වනවිට දින 30 ක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්ද අවලංගු කර ඇත.

නමුත් ජනපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් උද්ඝෝෂණ රටපුරා පැනනැගි අතර ජනපතිවරයාද සිය හිතැති කොටස් යොදවා තින්දුව වෙනුවෙන් ඔල්වරසන් ප්‍රීති සාද පැවැත්වීය.නමුත් පීඩනය අසීමිත වූ අතර ඇමරිකානු ජනපතිට ප්‍රශ්නයට මැදිහත්වන්න යයි අගමැති අනුගාමිකයින් සංදේශද යොමු කරන ලදි.

ඇතිවූ උණුසුම් තත්වය පාලනය කිරීමට ජනපතිවරයා මාසයක කාලයක් සඳහා රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත.
63 හැවිරිදි ජනපති කයිස් සයිඩ් මින් පෙර ව්‍යවස්ථා නීති විශාරදයෙකු ලෙසද කටයුතු කළ අයෙකු බව කියන අතර ඔහුගේ මැතිවරණයෙන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දරුණු ලෙස බෙදී ගිය පාර්ලිමේන්තුවක් ඒ රට තුළ තිබිණි. අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කථානායකවරයා යන දෙන්නාම ඔහුට විරුද්ධ පිලේය. ජනපතිවරයාගේ අලුත් තීන්දුව ඔවුන් පසෙකට දමා ව්‍යවස්ථා විරෝධී බලය උදුරා ගැනීමක් ලෙස විචාරකයින් අදහස් දක්වා තිබේ.


Video -A24 News