15000-year-old-viruses-discovered-in-tibetan-glacier-ice-most-of-them-were-unknown-to-humans-study

ටිබෙටයට අයත් ග්ලැසියර තුළ තිබී ලොව තුළ මෙතෙක් හඳුනා නොගත් වෛරස 28ක් සොයාගත් බව විද්‍යාඥයන් පිරිසක් පවසති.මෙම වෛරස අදින් වසර 15,000කට පමණ පෙරාතුව බිහි වූ ඒවා බව විශ්වාස කෙරේ.ඒවා මෙතෙක් ලොව විද්‍යාව තුළ සටහන්ව නොමැති වූ වෛරස වීම විශේෂත්වයය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම අධ්‍යයනය සිදු කර තිබේ.



 මෙහිදී ඔවුන් ටිබෙටයේ ගුලියා අයිස් තට්ටුවෙහි සාම්පල කොටසක් සිය විද්‍යාගාරය වෙත රැගෙන ගොස් ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සිදුකර ඇත. ඒ අනුව මෙම සාම්පලයේ තිබූ පස් හෝ කුඩා පැලෑටි මත ජීවත් වූ මෙම වෛරස කොටස් හඳුනාගෙන තිබේ. මෙහිදී ඔවුන් වෙත වෛරස 33ක් හමුව ඇති අතර, ඉන් වෛරස හතරක් මීට පෙර ලොව පැවති බවට හඳුනාගත් ඒවා වෙයි. ඒවාද සාමාන්‍ය බැක්ටිරියා ආසාදන ඇති කරන වෛරස වී තිබේ. එසේම එම වෛරසවල සාන්ද්‍රණයද දැනට පාෂාණ සහ සාගරය මතදී හමුවන එම වෛරස සාම්පලවලට වඩා අඩු බවද පැවසෙයි.ඒ අනුව මෙම නවතම සොයා ගැනීමත් සමග වෛරස ලොව තුළ වරින් වර මතුවීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව යම් අදහසක් ලබාගැනීමේ හැකියාව පවතින බව පර්යේෂකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂි-පින්ගේ සොන්ගේ, "දූවිලි සහ වාතය සමග මේ ග්ලැසියර ක්‍රමිකව බිහිවී තිබෙනවා. ඒවා තුළ බොහෝ වෛරස තැන්පත්වීම සිදුවෙලා යනුවෙන් පවසයි. පර්යේෂකයන් සදහන් කරන ආකාරයට මෙම ග්ලැසියර තට්ටුවෙහි අයිස් සාම්පල ලබාගෙන ඇත්තේ 2015 වසරේදීය. මෙම ග්ලැසියර තට්ටුව අදින් වසර 15,000කට පමණ පෙරාතුව බිහිවූවක් බව විශ්වාස කෙරේ.


සෑම වසරකදීම මෙම අයිස් තටුව මත නව තට්ටුවක් තැන්පත් වන අතර, ඒවා යට ඇති ඕනෑම දෙයක් බාහිර පරිසරයට නිරාවරණය නොවී එතැනම ආරක්ෂාවීම සිදුවෙයි. විශේෂයෙන්ම මෙලස හඳුනාගෙන ඇති මෙතෙක් විද්‍යාව තුළ සටහන් නොවූ වෛරස මෙතෙක් කලක් එහි රැදී පවතීමටද හේතුව මෙම පරිසර තත්වයන් බව විද්‍යාඥයෝ පවසති. ඒ අනුව අයිස් මෙම වෛරස සුරැකීම සඳහා දායකත්වය ලබාදෙන බවත්, ඔවුන් ස්වාභාවිකව සිදුකරගන්නා අනුවර්තනයන් අනුවද ඒවායේ වෙනස්කම් සිදුවන බවත් හඳුනාගෙන තිබේ.