
පාපැදිය අලුත්වැඩියා කරගැනීමට ඥාති සොහොයුරකු සමග යමින් සිටි 12 හැවිරිදි දැරියක රවටා පොල් වත්තකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පුද්ගලයෙක් නාන්තන්ඩිය කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත පොලිස් වසමේ පදිංචි 35 හැවිරිදි අයෙකි. මොහු වෘත්තියෙන් කම්සහකරුවකු බව ද පොලිසිය කියයි.
මෙම දැරියගේ මව තම ඥාති පුතකු ද සමග දැරිය පිටත් කර ඇත්තේ පාපැදිය අලුත්වැඩියා කරගෙන ඒමට බවත්, අතරමඟ දී සැකකරු එම ඥාති පුතා රවටා දැරිය තනි කරගෙන රැගෙන ගොස් මෙසේ අතවර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. දැරිය මේ බව සිය මවට කීමෙන් පසු ඇය (මව) දියණිය ද කැටිව කොස්වත්ත පොලිසියට පැමිණ පැමිණිලි කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ලිංගික අපයෝජනයට ලක්වූ බවට පැවසෙන දැරිය වෛද්‍ය පරික්ෂණයකට රෝහල්ගත කර ඇති අතර, කොස්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval