Sydney lockdown limits extended for another month

ඔස්ට්‍රේලියාවේ, නිව්සවුත් වේල්ස් ප්‍රාත්තයේ, සිඩ්නි නගරය සදහා පනවා ඇති ලොක්ඩවුන් සීමා තවත් මාසයකට දිර්ඝ කිරීමට එරට බලධාරින් ඊයේ (28)දා පියවර ගෙන තිබේ. නගරය තුළින් වාර්තා වන COVID-19 වෛරසයේ නව ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන්ගේ වර්ධනය මීට හේතුව වී තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 28දා දක්වා මිලියන 5ක් පමණ වන නගර වැසියන්ට සිය නිවෙස් වලටම වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත. අගහරුවාදා දිනයේදී පමණක් නගරයෙන් නව ඩෙල්ටා ආසාදිතයන් 177දෙනෙකු හමුවී තිබේ. එසේම සඳුදා දිනයේදී එය 172ක් ලෙස සටහන්ව ඇත. සිඩිනි ගුවන්තොටුපොළේ රියදුරෙකුගෙන් මෙම ආසන්නතම වෛරස ව්‍යාප්තිය සිදුව තිබෙන බව අනාවරණය වී ඇත.

ලොක්ඩවුන් සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරිය, නගරය තුළ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බව පවසා ඇත. ඒ අනුව තත්වය පාලනය සඳහා මෙලෙස සිඩ්නි නගරය තවත් මාසයකට වසා දමන බවද ඇය සඳහන් කර තිබේ. එහිදී නගරය තුළ සමාජදුරස්ථභාවය ඇති කරගැනීම සදහා පොලීසිය වෙත බලතල පැවරීමක්ද සිදුකර ඇති අතර, ලොන්ඩවුන් සිමා උල්ලංඝනය කරන පිරිස් පිළිබද දැනුම් දෙන ලෙස ඇය ජනතාවගෙන්ද ඉල්ලීම් කර තිබේ.එහිදී උදාහරණයක් ලෙස මෙතෙක් සිඩ්නි නුවර ක්‍රියාත්මක වූ ලොක්ඩවුන් සීමා උල්ලංඝනය කරමින් පුද්ගලයන් 50දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අනුස්මරණ උත්සවයක 45දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබෙන බවද ඇය මෙහිදී සදහන් කර ඇත.