Extortionist demands release of Sri Lankan woman's pornography

අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ හතක කප්පම් මුදලක් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම කාන්තාව මීට වසර දෙකකට පමණ පෙර සිට දැනට එංගලත්තයේ සිටින බවට කියන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමග වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සබඳතාවක් පවත්වා තිබෙන බවත්, මෙහිදී අදාළ පුද්ගලයා විසින් කාන්තාවගේ කැමැත්ත මත අසභ්‍ය ඡායාරූප ලබාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පසුව අදාළ පුද්ගලයා මෙම තැනැත්තිය සමග අමනාප වී තිබෙන බවත්,

මේ අනුව අදාළ කාන්තාව සමග වට්ස්ඇප් කතාබහ කරමින් සිටියදී ලබාගත් අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසා රුපියල් ලක්ෂ දාහතක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන බවත්,

පසුව රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාදිය හැකි බවට කාන්තාව පවසා තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ අනුව රුපියල් ලක්ෂ හතක කප්පම් මුදල ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයා විසින් මෙරට සිටින පුද්ගලයන් දෙදෙනෙකු ඒවා තිබෙන බවත්, ඔවුන් අදාළ මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළඹ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් යුනියන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ කාන්තාව 33 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)