kotuwe-podi-sadu-15-girl

පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළ 15 හැවිරිදි දැරිය මිලට ගත් චීවරදාරීන් අතර පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි (කොටුවේ පොඩි හාමුදුරුවන්) ද සිටින බවට එක්තරා ෆේස් බුක් පිටුවක් මගින් ප්‍රචාරය කර ඇති බවත් එම චෝදනා අසත්‍ය බවත් කියමින් උන් වහන්සේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේ ඒ ගැන සොයා බලන ලෙසයි.


සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් පැවසුවේ තමා කිසි දිනෙක සීඅයිඩිය වෙත ගොස් නැති නමුත්ඉවසන්න බැරි තැන ගිය බවයි.තමා ඉහළ තැන්වල උදව්වෙන් බේරී සිටින බවට විවිධ කතා ගෙතී ඇති බවත් මේ සියල්ල බොරු බවත් කියන උන් වහන්සේ එල්ලවන මඩ ප්‍රහාර ගැන සියලු ලිඛිත සටහන් හා ඡායාරූප තමා සිඅයිඩී මහත්වරුන් වෙත ඉදිරිපත් කළ බව කීහ.
තමාද සමාජ ජාලා නිදහසට කැමති කෙනෙක් වන නමුත් මේ සමාජ මාධ්‍ය පුද්ගලික ජීවිත වලට හානි කිරීම අනුමත නොකරන බව කියා සිටියහ.
15 හැවිරිදි දැරිය මිලට ගත් සිද්ධියට අදාළ හිමි නම දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවත් තමා නිර්දෝෂී බවත් උන් වහන්සේ පෙන්වා දුන්හ.
තමා වකුගඩුවක් පවා දන්දී ඇති භික්ෂුවක් බවත් නොමනා කතා ගෙතීම සුදුසු නැති බවත් වැඩිදුරටත් උන්වහන්සේ කීහ.