
තම ජංගම දුරකතනයක් තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකන ලදැයි වත්තල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දුරකතනයේ, වයස 18-20 අතර වියේ පසුවන තරුණියන් අට දෙනකුගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ දර්ශනද එම ජංගම දුරකතනයේ අත්තර්ගගතව තිබීම නිසා දුරකතනය හිමි පැමිණිලිකරුද අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
සැකකරුගේ දුරකතනය කොල්ලකන ලදැයි වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි දෙදෙනෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව අගවා, දෙහිවල පදිංචි තමන් වත්තලට ගෙන්වාගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දුරකතනය පැහැරගත් බව තරුණයෙක් වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනකු සමග අදාළ ජංගම දුරකතනය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයකුගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක් ද එම ජංගම දුරකතනයේ තිබෙන බව අනාවරණය වීමෙන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදී එහි තවත් ශ්‍රී ලාංකික තරුණියන් අට දෙනකුගේ සහ තවත් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ හඬ පටියක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
-තිස්ස කොටින්කඩුව--
Comments
Post a Comment
Your comment will be visible after approval