milka-gehani-de-silva

ජිම්නාස්ටික් ශූරි මිල්කා ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මුලික වටයේ
තරගයෙන් ප්‍රසාද ලකුණු 45,798 ක් ලබා ගනිමින් ස්ථාන හිමිවූ 30 දෙනාගෙන්  28 ස්ථානය ලෙස තරඟය නිම කර තිබේ.


මෙම වටයෙන් මුල් ස්ථාන 3 ම රුසියානු ක්‍රීඩිකාවන් දිනාගත් අතර චීනය හා බ්‍රිතාන්‍යය ඊළඟ ස්ථාන දිනාගන්නා ලදි.
මෙහි මූලික වටයේ තවත් තරග තවදුරටත් පැවැත්වෙන අතර මිල්කාට ඊළඟ වටයට සුදුසුකම් දැරීම දුෂ්කර තත්වයක පවතී.
ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් උළෙලක්  ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු හා එකම ක්‍රීඩිකාව
18 හැවිරිදි මිල්කා ගෙහානි ද සිල්වායි.