kohuwala-sword-attack

කොහුවල - කළුබෝවිල දෙසට දිවෙන මහාමාර්ගයේ මහජන බැංකු ඒටීඑම් යන්ත්‍රයක් ඉදිරිපිට දී පුද්ගලයෙකු කඩුවලින් කපා තුවාල කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
ප්‍රධාන සැකකරුගේ බිරිඳ සමඟ පහරකෑමට ලක්වු පුද්ගලයා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙන අතර පහරදීම සිදුවු දිනයේ දී ප්‍රධාන සැකකරුගේ බිරිඳ බැංකුව වෙත යන බව පවසා නිවසින් පිටව යද්දී සැකය මත කුලී පදනම මත ලබාගත් රථයකින් සැකකරු සිය සොයුරන්ද සමග බිරිඳ පසුපස ලුහුබැඳ ඇත.

පසුව ඇය බැංකුව වෙත ගොස් ඇති අවස්ථාවේ අනියම් පුරුෂයාද  එම ස්ථානයට පැමිණීම හේතුවෙන් පහරදීම සිදුව ඇත.
මෙම පහරදීම සිදුව ඇති ස්ථානය කොහුවල පොලිසියට මීටර සියයක් පමණ නුදුරින් පිහිටා ඇති අතර මහාමාර්ගයේ පොලිස් රජකාරියේ නිලධාරීන්ද සිට ඇත.
අවට සිටියවුන්ද පොලිස් නිලධාරීන්ද බලාසිටියදී පහරදීම සිදුව ඇත. එම අවස්ථාවේ පහරදීමෙන් පසු
 පළා ගොස් සැඟවෙන්නට උත්සාහ කළත් ඔවුන් ගිය රථය පිළියන්දල ප්‍රදේශයේ කුලී රථ සමාගමක් අසල නවතා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

රථය ලබාදුන් අයගේ තොරතුරු අනුව එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඉකුත් 15 වන දා එය සිදුව තිබු අතර පහරදීම සඳහා යොදා ගත් කඩුවක්, මන්නයක්, පිහියක් හා ජංගම දුරකථනයක් ද කොහුවල පොලීසියේ අපරාධ අංශය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ අරබකන්ද, මංගලසිරිපුර, වැල්ලවිට, කන්දවත්ත, වැල්ලතුඩැල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 26, 27, 28, 29 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බව පොලීසිය සඳහන් කරයි
මේ අතර ප්‍රධාන සැකකරු ද තුවාල ලැබු පුද්ගලයාගේ සහෝදරියක් සමඟ සම්බන්ධතාවයක් පවත්වාගන ගොස් ඇති බවට තවත් කාරනාවක් අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.