මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රට පුරා අලංකාර  නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (27දා) කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙසේ කීය.

‘කොරෝනා රැල්ල හොදටම පාලනය කරපු රටවල් දහය අතුරින් එක රටක් තමයි අපේ රට. සමහරු කෝවිඩ් වලට පැකනිල් ගහන්න කියමින් අපහාස කළා. හැටනම ලක්ෂයකගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයාට අපහාස කළා. ඡන්දය දුන්න අයට අපහාස කරා. කෝවිඩ් වසංගතයෙන් අද අපේ රට බේරගන්න හදනකොට විපක්ෂය ඔවුනගේ වෘත්තීය සමිති නායකයෝ ගෙනල්ලා උද්ඝෝෂණ කරලා, අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කෝවිඩ් බෝ කරන්න හදනවා.

 විපක්ෂය අපිට කිවිවේ රට පාලනය කරන්න තේරුමක් නැහැ,

කෝවිඩ් පාලනය ගැන තේරුමක් නැහැ කියලා. විපක්ෂය කියනවා මීට වැඩිය හොඳට ඔවුන් බලයේ සිටියා නම් රට පාලනය කරනවා කියලා. ඔවුන්ගේ පාලන කාලයේ දත්ත අරන් බලපුවාම ඩෙංගු වලින්ම මැරිල තියෙනවා කෝවිඩ්වලට වඩා. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි ගැන විශ්වාසය තියන්න කියලා.

මේ අවස්ථාවේදී උඝෝෂණ තියන එකට කනගාටු වෙනවා. මේ උද්ඝෝෂණ කියන්න සුදුසු වෙලාව නෙවෙයි. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න අයිතිය තියනවා, අපි උද්ඝෝෂණය කරමු කෝවිඩ් වසංගතයෙන් බේරුනාට පසුව. අපි ස්ටාලින්ට ප්‍රේමදාසට කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ අර්බුදයෙන් කොහොමද ගැලවිලා ආර්ථිකය හදාගන්නේ කියලා. ඒ අහිංසක ජනතාව මරු මුඛයකට ගෙනියන්න එපා කියලා අපි විපක්ෂයෙන් ඉතාමත් ගොරවයෙන් ඉල්ලනවා."