
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට ඇත.
අද පෙරවරුවේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් ඔහු එහි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇත.
එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval