janai-priyayi-speks

අන්තර්ජාලය ඔස්සේ රසවිඳින නිර්මාණ අතර ජනයි ප්‍රියයි  කියන්නේ හැමෝම දන්න නිර්මාණ කරන දෙන්නෙක්. මේ සංවාදය ජනයි ප්‍රියයි ගෙන එන රංග ජයකොඩි සහ චමල් රත්නායක සමගයි.

✿ආයුබෝවන්....කවුද මේ ජනයි ප්‍රියයි කියන්නේ....?
                                                 ''ජනයි ප්‍රියයි  කියන්නේ ඇත්තටම  යාලුවෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා මුලින්ම  එකතුවෙලා වෙලා මුලින්ම ඇගේ තිබුන දෙයක් නිකං එලියට දැමීමක් තමයි...හිතලා කරපු දෙයක් ඒකට ප්‍රියා විශේෂයෙන්ම චමල් ඊට කලින් එක හිතල තිබ්බ...tv එකට හෙට එන්න ඕනේ විදිහක් ගැන හැබැයි ඒක අපි tv එකට එන්න කලින් කලින් කරපු program එකක් තමයි ඊට පස්සේ ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා     පස්සේ ඒක අටයි platform  විදිහට social media වල upload  කරලා  එතනින් උඩට ආපු දෙන්නෙක් විදියට  නම් කරන්න පුළුවන් මිත්‍රත්වය  ගැන කිව්වේ එක එදා ඉඳන් අද වෙනකම් ඒ කෑල්ල ඇතුලේ තමයි මේ ජනප්‍රිය කියලා brand එක established වෙලා තියෙන්නේ.....''





✿මුලින්ම ජනයි පියයි අදහස එන්නේ චමල් රත්නායකට කියලා කියනවා නේ ඇයි එහෙම දෙයක් හිතුනෙ ලංකාවේ මේ වගේ වීඩියෝ කරන්න ඕන තරම් අය ඉන්නවා ටෙලි නාට්‍යවල කීප දෙනෙක් හරි විකට නළු නිළියෝ ඉන්නවා ඇයි ඉතිං ඔබ එහෙම දෙයක් කරන්න හිතුවේ....?

                                       ''ඒක මෙහෙමයි ඇත්තටම ජනයි ප්‍රියයි කියන අදහස් වර්තමානයේ තියෙන concept එක සම්පූර්ණයෙන් ඔළුවට ආපු එකක් නෙමෙයි ලඟව හම්බවෙලා තිබුනෙත් නෑ රස්සාවක් නැති කාලේ ගෙදර ඉන්න කොට මට ඉන්නකොට මට යාලුවෙක් ගෙන් ආරාධනාවක් ආවා television program එකක් ලියලා දෙන්න කියලා a television program එක මැද පොඩි segment එකක් තිබුණා මට හිතුන දෙන්නෙක්ව දාල පොඩි comedy විනාඩි දෙකක විතර පොඩි comedy ටිකක් ඒ program  එක මැදදි යනවා කියලා ඒකෙ නම ජනප්‍රියයි ජනකාන්ත කියලා දාලා තිබුණෙ නම ඊට පස්සේ අවුරුදු දෙකකට විතර පස්සෙ පස්සෙ රංගව පස්සෙ හම්බුනා රංග ඊට හා සමානව එකක් වෙනත් නාලිකාවක කළා තව කෙනෙක් එක්ක එක මම දැක්කට පස්සේ තමයි  මගෙ ඔලුවට ආවෙ....

මගේ මුලින්ම තිබුණේ රංගවයි තව කෙනෙක්ව දාලා මගේ tv program එක ඇතුලට  ඒක හදා ගන්නවා කියලා  අපි අතර යාළුකමක් ගොඩ නැගුණා  ජීවත් වෙන්න එක එක ක්‍රම හෙවුව දෙන්නත් එක්ක එහෙම හොයාගෙන යනකොට ජනයි ප්‍රියයි කියන්නේ ජීවිතය හොඳින් ගෙවන්න පුළුවන්  විදියට  හම්බවෙච්ච තැනක්...අර concept එක වෙන ආයතනයක් එක්ක කරලා  ගිවිසුමක් එහෙම තියෙන නිසා ඒ නම පාවිච්චි කරන්න බැරි වුණා ජනප්‍රියයි ජනකාන්තයි කියන එක ඊට පස්සේ ජනයි ප්‍රියයි කියලා අපි වෙනස් කරගෙන ඒකට හොඳ platform එකක් හම්බුනා  මම හිතන්නේ ඒ කියන්නේ social media කියන්නේ හොඳ platform  එකක් හෝ ඕන කෙනෙකුට එන්න පුළුවන්...

ඒ දවස් වල වේදිකාවේ සිනමාවේ එච්චර comedy බිහිවෙන්න නැති වෙන්න හේතුවක් වෙන්න ඇති  ඒ මාධ්‍යයට සම්බන්ධ වෙන්න අමාරුයි පහල ඉන්න ජනතාවට   මගේ ගම අකුරැස්ස පරදුව කියන ගම මාතර එහෙ ඉන්න කෙනෙකුට television එකට එනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මම ආවා කොහොමහරි කොළඹට ඇවිල්ලා ඒක ටිකක් කටුක වැඩක් අපේ ගමෙන් ම මම දන්න විදියට මම විතරයි එහෙම ඇවිල්ලා තියෙන්නෙ ඒකත් එක්ක අර concept  එකක් විදිහට develop වුණා platform එක හොඳ හින්දා....මිනිස්සුන්ට ප්‍රශ්න වැඩියි නේ ඒ නිසා ප්‍රහසන සම්බන්ධව ලොකු ඉල්ලුමක් තියෙනවා ordiance එකෙන්...''



✿අපිට නිර්මාණයක් රස විඳින්න ඕන නම්  බොහොම පහසුවෙන් අපිට ටීවී එක ක්‍රියාත්මක කරගන්න පුළුවන් අපිට ඕන තරම් රස විදින්න ඕන නම් නිර්මාණ චිත්‍රපටි ලබාගන්න පුළුවන් මේ වගේ දේවල් තියෙද්දි social media එකට video  හදනවා කියන එක අභියෝගයක් කියලා හිතුනේ නැද්ද මුල් අවධියේදී....?
                                                      ''මුල් අවධියේදී ඒක අභියෝගයක් විදිහට සැලකුවේ නැහැ හේතුව තමයි අපි field  එකට එන කාලයේ දැන් වෙනකොට මේක කර්මාන්තයක් නේ ඒ කාලේ කර්මාන්තයක් විදියට ලොකුවටම මේ video කියන කලාව  තිබුණේ නැහැ මොකද youtube  කියන එක එච්චර ඒ දවස් වල ප්‍රසිද්ධ නැහැ  ...අපිත් පටන් ගත්තෙ facebook  එකෙන් තමයි facebook එකේ videos  දාන අය අතලොස්සක් හිටියා ඒ කාලේ තවත් ගොඩක් කට්ටිය ඒ වැඩේ කළා හැබැයි ඒ කාලේ ආපු අය ගොඩක් ප්‍රසිද්ධ වුණා අභියෝගයක් විදියට දැනෙන්න ගත්තේ ටික දවසක් මේ වැඩේ කරගෙන එනකොට තමයි මුල් කාලේ අපිට ඒකෙන් පොඩි වාසියකුත් වුණා හේතුව අපි නිර්මාණයකට වැඩිපුරම joke එකකට තමයි තමයි වැඩිපුරම අවධානය  යොමු කළේ ඇතුලෙ තියෙන දේ එළියට ගන්න ඒ අභියෝගය කියන දේ තාමත් ලොකුවට ඔළුවේ තියා ගත්තේ නැති වුණාට comedy එක කියන එකට අපි focus කරන නිසා තමයි අපි සහ youtube එකේ ඉන්න ප්‍රහසන කරන සියලු දෙනා ම සාර්ථක වෙලා ඉන්නේ ඒ නිසා වෙන්න ඇති ....''

✿කවුද මේ පිටපත් ලියන්නේ...?
                                                   ''අපි දෙන්නම තමයි ලියන්නෙ...අපිට කතාවක් හම්බුනාට පස්සෙ මුලින්ම ඒක බලපු ගමන් පැහැදිලිවම අපට වෙන්කර ගන්න පුළුවන් චරිත දෙක මොකක්ද කියලා චරිත දෙක වෙන් කර ගත්තට පස්සේ ඒ චරිතයට අදාළ කාරණා ටික පුද්ගලිකව දෙන්නම තමයි එකතු කරන්න වෙන්නේ තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට සාර්ථක වෙන්න පිටපත ඒ කියන්නේ කතාවක් මම තනියම ලියනවට වඩා මෙයත් එක්ක කතා මෙයාගේ පැත්තෙනුත් දේවල් ටිකක් එකතු වෙනවා ඉතිං ඒ වගේ දෙන්නත් එක්ක එකතු වෙලා තමයි output එක එන්නේ ....''

✿ලංකාවේ ඔය වගේ ටිකක් ඉතිහාසයට ගියොත් දෙන්න දෙන්න පටන් ගත්ත බොහෝ ව්‍යාපාර තිබ්බා හැබැයි බාගයක් දුරට යනකොට ඒවා කැඩිලා යනවා අපි නම් වශයෙන් කියන්න ඕනෑ ඕන නෑ සමහර කලාකරුවෝ ඉන්නවා හැබැයි ඔබ දෙදෙනා දුර ගමනක් යනවා ඇස්වහක් වදින්න එපා මොකක්ද රහස.....?
                                                           ''මම හිතන්නේ රහස ඇවිල්ලා ඒක කලිනුත් කියලා තියෙනවා ජනයි ප්‍රියයි youtube එකක් තියෙනවා ඒකට video එකක් දාන්න යන්න පුළුවන් ඒ නිසා මම partner කෙනෙක් හොයා ගන්නවා කියලා මෙයාව හොයා ගත්තෙත් නෑ මේයත් එහෙමයි youtube  එකට videos  කරන්න ඕනේ කියලා තව කවුරුහරි විහිලු කරන්න ඕනේ කෙනෙක් හොයලා එයත් එක්ක කරනවා කියලා කළෙත් නැහැ....

අර කිව්ව වගේ යාලුවෝ දෙන්නෙක් රංග සහ චමල් කියන යාලුවෝ දෙන්න අතරේ   ගේ හොයාගෙන යනකොට හම්බවෙච්ච ඉතින් confortable තැනක් තමයි ජනයි ප්‍රියයි කියන්නේ චමලුයි රංගයි ජීවත් වෙන්න හොයාගත්ත එක ක්‍රමයක් විතරයි ඒ නිසා යම් දිනයක ජනයි ප්‍රියයි ඉවර වුණත් රංගගෙ චමල්ගේ යාළුකම කියන එක ඉස්සරහට යනවා ...මං හිතන්නේ ඒකත් එක්ක තමයි තියෙන්නේ සහ ප්‍රධාන වශයෙන්ම දෙන්නෙක් එකතුවෙලා කරන වැඩක තියෙන දෙයක් තමයි හිත හදා ගන්නවා කියන එක  ඒ කියන්නේ කොයිම වෙලාවකවත් මට හිතෙන්නෙ බෑ මට වැඩිය මෙයා ජනප්‍රියයි මට වැඩිය මෙයාට ආකර්ෂණය තියෙනවා මෙයාටත් එහෙම හිතෙන්න බැහැ  එහෙම හිතන තැනකදි තමයි ඕක පොඩි ඝට්ටන එකට එන්නේ  එහෙම නොහිතෙන්න ප්‍රධානම හේතුව තමයි අපි දෙන්නගෙ යාලුකම....''



✿ මුල් ම video  එක මතකද....?

                                                              ''මුල්ම Video පර්ස් එක කියලා එකක් ඒ මුල්ම video එක video කරපු කෙනා තමයි අදටත් අපේ video වීඩියෝ කරන්නේ....එයාගේ phone එකෙන් තමයි කළේ ඒක ඇවිල්ලා මම ඇවිල්ලා අහනවා  පොලිසියෙන් ගියාද අහනවා පාරේ මෙයා කියනවා දැක්කේ නැහැ කියලා මම තුන්පාරක් විතර අහනවා ෂුවර් එකටම ගියේ නැහැ නේද කියලා අහනවා මෙයා කියනවා නෑ කවුරුත් කියන පොලිසියෙන් ගියේ නැහැ කියලා එහෙමනම් මට පර්ස් එක දෙන්නෙ කියලා පර්ස් එක අරගෙන දුවන එකක් තමයි පලවෙනිම video එක....ඒක අපි upload  කලේ අපි දෙන්නගෙ personal face book account  එකට  ඊට පස්සේ වීඩියෝස් තුනකට විතර පස්සේ තමයි ජනයි ප්‍රියයි facebook page හැදුවේ...''

✿අද වෙද්දි බොහෝ දේවල් අලෙවිකරණ යත් එක බැඳිලයි තියෙන්නේ අලෙවිකරණය සඳහා යම් අවස්ථාවක් ඔබට භාර දෙද්දී කොහොමද පාරිභෝගිකයාට හොඳම දේ දෙන්න  ප්‍රහසන  කලාවට යනවා කියලා පුංචි දරුවන්   අන්තර්ජාලය භාවිතා කරනවා වයස් භේදයකින් තොරව අන්තර්ජාලය භාවිතා කරනවා සීමාවල් තියෙනවනේ සීමාවල් තියාගෙන කොහොමද මේ අලෙවිකරණ ඉලක්කය ජය ගන්නේ....?
                                                            ''ඒක තමයි ලොකුම ලොකුම අභියෝගය ගොඩක් වෙලාවට මුල් අවධියේ දී අපිට ප්‍රශ්න තිබුණේ නැහැ සතියට සිකුරාද දවස video එකක් කරලා දානවා  මේ විදියට ජනප්‍රියත්වය වැඩි වෙනකොට අපිට ආරාධනා හම්බුවෙනවා යම්කිසි brand එකක් pramote කරන්න ඒක සාමාන්‍ය විදිහක් ඕනම තැනක වෙන දෙයක් එතැනදී අපි තීරණය කරනවා අපි කරගෙන ආපු  අපි දෙන්නගෙ එකක් තියෙනවා වැඩක් ආවහම එක සම්බන්ධව හොයලා බලනවා සෑහෙන්න තෝරා ගැනීමක් කරනවා අපි මේක කලහම audience එකට කොයි වගේ effect එකක් ඒ ද කියලා බලනවා විශේෂයෙන් ම අපේ ලොකු පිරිසක් ඉන්නවා පොඩි ළමයි...මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා සමහර පොඩි ළමයි අපේ සද්දෙ ඇහෙද්දි ත් ඇවිල්ල phone එක බලනවා   ඒ අයට තේරෙන්නෑ නමුත් එතනින් උඩ ඉන්න අයට යම් කිසි දෙයක් තේරෙනවා ඒකේ ඇතුලේ brand එකක් තෝර ගනිද්දි  සෑහෙන ප්‍රමාණයකට හිතලා එහෙම ආරාධනා ඇවිල්ල ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා විශේෂයෙන්ම comercial එකක් එකක් කරද්දි අපි බලන දෙයක් brand එක සම්බන්ධව තියෙන සමාජ මතය ඒක නරක එකක් නං අපි හෙමීට ඒකෙන් පොඩ්ඩක් බැහැර වෙනවා...''

✿උස කීයද ඔබේ...?
                                      ''මගේ උස අඩි  හයයි අඟල් 5යි...''

✿හොඳ උසක් තියෙන එකේ රංගනයට එකතුවෙන්න තිබ්බනෙ පෙම්වතාගේ චරිතයට එහෙම යන්න තිබ්බනෙ ඇයි මේ ප්‍රහසනයට එකතු වුණේ...?
                                     ''මම හිතන්නේ ඒකට නම් මට කොයි කාලේ කාලේවත් ආරාධනා ලැබිලා නැහැ...පාසල් යන කාලේ පොඩ්ඩක් මම රංගනය කලා උස නිසා මට ගොඩක් වෙලාවට හම්බුවෙන්නේ පෙම්වතාගේ චරිතෙ නෙමෙයි රජ චරිත ඒකත් එක්ක විහිලු චරිත එක්ක  තමයි මම ගොඩක් වෙලාවට හිටියේ ඒ කාලෙ ඉස්කෝලෙ ජනප්‍රිය මාව විහිලු චරිත එක්ක තමයි පෙම්වතාගේ චරිතය නම් මම හිතන්නේ මට ලැබෙයි කියල...''

✿ඇයි නිතරම ජනාවම උපහාසයට ලක් කරන්නේ...?
                                           ''ජනයි ප්‍රියයි තනි වචන වචනයකට ගොනු කරන්න පුළුවන් නම් රංග තමයි ජනයි ප්‍රියයි කියන එකේ ආලෝකය ඕනම කෙනෙක් බැලුවා ඉන්පස්සෙ මිනිස්සුන්ට දැනෙන විදිහට අතාරින්න පුළුවන් හැකියාව තියෙන්නෙ මෙයාට මට තියෙන්නේ හැමතිස්සෙම මෙයාව එතනට අරගෙන එන්න උපහාසයට ලක් වෙනවා කියන එක ඇතුලෙ තමයි ජනයි ප්‍රියයිගේ ජනප්‍රියත්වයත් රැදිලා තියෙන්නේ  මුල් අවධියේදී අපි චරිත දෙක මාරු කළා සමහර අවස්ථාවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ආවා අපිට live audience  එකේ ප්‍රතිචාර දැනගන්න පුළුවන් comments වළ හැමදේම එනවා  ඒ වගේ ආපු දෙයක් තමයි මේ චරිත දෙක මාරු වෙන්න තිබුණා එහෙම කියලා අපි හැමතිස්සෙම මොනව හරි දෙයක් කරනකොට audience එකත් එක්කම නේ අපි යන්න ඕනේ ඒවත් එක්ක ඒ චරිත හොඳටම කරන්න පුළුවන් එයාට තමයි .....

✿සිනමා වල ටෙලි නාට්‍යවල ඉන්න නළුවොන්ට  ප්‍රතිචාර ලැබෙන්නේ ටිකක් කල් ගිහිල්ලා ඔබ ඒ අතින් වාසනාවන්තයි බොහොම ඉක්මනට ප්‍රතිචාර ලැබෙනවා ඒ එන ප ප්‍රතිචාරවල මතක හිටිනම comment  එකක් තියෙනවද....?
                                                 ''මතක හිටින එකම එකක් තියෙනවා ඒක ටිකක් දරුණු එකක් එකේ මම අකමැති වචනකුත් ඒකෙ තියෙනවා ඒක දාපු එක්කෙනා තරහකින් නෙමෙයි දාන්න ඇත්තේ ඒකෙ තිබුණෙ උඹලා දෙන්නගෙ යාළුකමට හෙන ගහපන් කියලා ඒක තමයි මට මතක හිටිනම comment  එක...ඒ වගේ හොඳක් තියෙනවා නරකත් තියනවා ඒ නිසා අපි බොහොම ආදරෙන් බාරගන්නවා හේතුව අපි කැමති අපේ අඩුපාඩු පෙන්වලා දෙනවා නම්...අපි video  එකක් දාලා කොහොමත් පැයක් දෙකක් විතර යනකම් youtube එක බලාගෙන තමයි ඉන්නේ පලවෙනි පැය දෙක තුන ඇතුළත අපිට තීරණය කරන්න  පුළුවන් අඩුපාඩු මොනවද මේ video එක ඇතුලේ උනේ කියලා... පටන් ගන්න තැන හිටපු අපි නෙමෙයි දැන් අපි ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නෙ ඇත්තටම ගාමින්ද අයියවයි සුනිත් අයියවයි මතක් කරන්න ඕනේ  මොකද අපි එනකොට අපිට ගුරුහරුකම් දෙන්න ඒ දෙන්න හිටිය ඒගොල්ලො අපිට ඉස්සෙල්ලම කතා කරලා කිව්වේ ඔය ගනුදෙනු එන විදිය හදා ගනිල්ලා රුපියල් සීයක් ආවත් දෙන්නට දෙකට බෙදෙන විදිහට කතා කර ගනිල්ලා  එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා.... හොඳ ගුරුහරුකම් දීලා අපි විශ්වාස කරනවා අපේ මේ ප්‍රහසන ශිල්පීන් සියලු දෙනා අතරේ අපේ පිටිපස්සෙන් එන අයට අපි පාරක් හදලා දීලා තියෙනවා කොහොමද වැඩක් කරගන්නෙ කොහොමද ගනුදෙනු කරන්නේ ඒ හැමදේම දැන් පාරක් තියෙනවා...ඒ එන අයට එතකොට ලේසියි එනිසා මට හිතෙනවා අපි social media  හෙළ මුල ඉඳන් පටන් ගන්න ලැබිච්ච ලොකු භාග්‍යයක් කියලා.....''

✿පාර තොටේදී හමුවෙන අය ඔබේ පවුල් වල අය නෑදෑයින් මොනවද කියන්නේ මේ නරඹනවා ඇතිනේ මේ දේවල් මොනවද කියන්නේ...?
                                                  ''ඒකත් ලොකු වාසනාවක් හේතුව අපි ටිකක් නළු නිළියන්ට වඩා අපි ළඟයි ඒ කියන්නේ මිනිස්සු  ප්‍රේක්ෂකයෝ විදියට  ප්‍රතිචාර දක්වන්නෙ දක්වන්නෙ ඉතාම හෘදයාංගම ආසාවෙන් ඒ ගොල්ලොත් එක්ක කතාබහ කරන්න අපිට හම්බුවෙනවා විවිධ දේවල් අපිට කතා කරලා කියලා තියෙනවා...බබා නිදි කරන්නේ ඕගොල්ලන්ගේ video දාලා,ගොඩක් ඒ වගේ අපිට හම්බුවෙලා තියනවා ඒ නිසා අපේ දෙමව්පියෝ වගේම නෑදෑයො සියලු දෙනත් ඉතාමත්ම සන්තෝස වෙනවා අපි කරගෙන ආපු දේ සම්බන්ධව....ඊටත් වඩා ප්‍රේක්ෂකයොඑක්ක හෘදයාංගම වෙච්ච එක හැඟීමක් විදිහට මාර සන්තෝසයි අපි දෙයක් කරා නේද ඒ කරපු දේට නේද මේ  හම්බු වෙන්නේ කියල හිතනකොට හරිම සන්තෝසයි.....

ප්‍රතිචාර ගැන කිව්ව හින්දා මට එක විශේෂ සිදුවීමක් මතක් උනා අපි දෙන්නා මානසික රෝහලේ එක්තරා වැඩසටහනකට ගියා ඉතින් අපි  ලොකු ආසාවක් තිබුනා ඒක ඇතුලට යන්න දවසක් අපිට වාසනාව හම්බුනා ඊට ටික කාලෙකට පස්සේ program එකකට යන්න අපි ඔලුවෙන් හිතාගෙන ගියපු දෙයක් තිබුණා මානසික රෝහලේ කියන එකට හැබැයි තිබුණේ හාත්පසින්ම වෙනස් එකක් රෝහලට ගියාට පස්සේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු තමයි එතන ඉන්නේ අපි හිතන් හිටපු ලොකු දරුණු දෙයක් එතන තිබුණේ නැහැ...එතන හිටපු තරුණයෙක් ඔහු ආවා අපි දෙන්න ඉන්න පැත්තට ඒ ඇවිත් කතා කරලා කිව්වා අපේ video බලනවා කියල ඒක හරිම සංවේදී ප්‍රතිචාරයක් අපි දෙන්නගෙ ජීවිතය ඇතුළේ හම්බ වෙච්ච අපිට ඊට පස්සේ යන්න හම්බුනා වැලිකඩ බන්ධනාගාරයට...එතනත් සෑහෙන පිරිසක් ඇවිල්ලා අපිත් එක්ක කතා කළා ජනයි ප්‍රියයි බලනවා කියල කිව්වා ඒ වගේ ප්‍රතිචාර රංග කිව්ව වගේ කලාතුරකින් මනුස්සයෙක්ට ලැබෙන වාසනාවක්....''



✿මේ කාලවකවානුව ගත්තහම අපි හැමෝම ගත කරමින් ඉන්නේ බොහොම අභියෝගාත්මක තීරණාත්මක කාල සීමාවක් සමහර වෙලාවට මේ වගේ කාලසීමාවක කලා ශිල්පීන් අපි ආදරේ කරන ශිල්පීන් වැඩසටහන් වලට ගෙන්න ගන්න බොහොම අසීරු කාලයක් මම පහුගිය කාලේ දැක්කා ඔබේ රසිකයින්ට කතා කරා දැනුවත් දැනුවත්වීමේ වැඩසටහන් වලට ගියා ඒ වගේ ම මේ ව්‍යසනයට ගොදුරු වෙලා ඉන්න පිරිසට උදව් උපකාර කළා  ඇයි මේ වගේ දේවල් කරන්නේ ජනප්‍රියත්වය වෙනුවෙන් ද නැත්තං ඉන් එහාට ගියපු දෙයක් තියෙනවද ......?
                    
               
   ''අපිව විශ්වාස කරන ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්නවා  brand එකක් උනත් අපිට දෙන්නේ අපි කියන වචන විශ්වාස කරන නිසයි මේ වෙලාවේ අපි ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ  මේ වෙලාවේ විතරක් නෙවෙයි අනාගතයේදී මොනවා හරි දෙයක් ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න ලෑස්ති අපි මොනවා හරි දෙයක් කිවුවහම ඒක අහන අය ඉන්නවා comment  වල තියෙනවා ඔව් අපි ඒක කරන්න ඒක හොඳ නෑ එහෙම කියලා ඒව දැක්කහම අපිට හරිම සතුටුයි....අපිට කවුරු හරි බේරගන්න පුලුවන් නම් මේ ව්‍යසනය ඇතුලේ ඒක ලොකු වාසියක් සහ මම අර කලින් කිව්ව වගේ වාසනාව තමයි...මේ corona ව්‍යසනය  වෙලාවට විතරක් නෙවෙයි ඕනම වෙලාවක අපි ඉදිරිපත් වෙනවා මීට කලින් ගංවතුර ඇවිල්ල ත් අපි ඉදිරිපත් වුණා අපිට කතා කරන්න ඕන නම් ඕන කෙනෙක්ට කතා  කරන්න පුළුවන්.....''

✿පුද්ගලික ජීවිතයේ දී ඔබ දෙදෙනා කොහොම අයද...?
                                            ''මම මෙයා ගැන කියන්නම් මෙයා මං ගැන කියයි....පුද්ගලික ජීවිතයේ දී යාලුවෝ විදියට ගත්තහම අපි දෙන්නා වෙනස්  අපි දෙන්නගෙ හැටි වෙනස් උස වෙනස් අදහස් වෙනස්  කතා බහ වෙනස්  ඔයා ගත්තොත් මෙයා ගොඩක් silence..කතාබහ කරනවා අඩුයි මම ඒකටත් එක්ක කතා කරනවා තරහ යාම ගත්තොත් මෙයාට ටිකක් වැඩි මට අඩුයි.....අපි හිතනවා  හම්බ වෙන්න ඕන එක වගේ කට්ටිය කියලා  එහෙම නෑ මේ යාළුකම මේ හැමදේම තුළ තියෙන්නේ අපි දෙන්නගෙ නොගැලපීම් තමයි ඇයි ඒක ඇතුළෙ අපි දෙන්නට ගලපගන්න පුළුවන් වුණා කියලා අපි දෙන්න විශ්වාස කරනවා....

ජනා කියන්නේ මගේ ජීවිතයේ   හම්බවෙච්ච යාළුවන් අතරින් වැඩිම සමීපම යාළුවෝ තමයි මගේ යාලුවො ඉන්නව දහ දෙනෙක් ඉස්කෝලේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මේ වෙනකම්ම මගේ ජීවිතයේ හැමදේටම ඉන්නේ යාලුවෝ තමයි රංගව මට පසු කාලයේ හම්බුවෙන්නේ ඒ හම්බවෙච්ච තැන ඉඳලා  මගේ මගේ ජීවිතයේ 100% දන්න එකම කෙනා තමයි මෙයා සමහර දේවල් අම්මල තාත්තල එක්ක කියන්න බැරි දේවලුත් මෙයා දන්නවා හොඳ අහගෙන ඉන්න කෙනෙක් කිව්ව වගේ තරහ යන්නෙම නෑ මට ටිකක් තරහ යනවා එයාට කිසිම හේතුවකට තරහ යන්නේ නැහැ හොදම යහළුවෙක්.....''

✿video  හදනකොට යම් යම් ගැටලු මතු වෙන්නෙ නැද්ද දෙන්න අතර....?
                                                  ''එහෙම වෙනවා ඒවා video එක කරන අතරතුරේ විතරයි විශේෂත්වය තියෙන්නෙ එක තැනකදී දෙන්නගෙන් එක්කෙනෙක් කොහොමහරි එකඟ වෙනවා  කැපකිරීමක් අනිවාර්යෙන්ම දෙන්නටම කරන්න පුළුවන් ඒක තමයි මෙච්චර දුරක් අපිට එන්න පුලුවන් වුනේ.....''

✿ අපි දකිනවා මේ දවස්වල නිරන්තරයෙන් ළගින් ඉන්න ජනතාවට පරිස්සම් වෙන්න කිව්වට ඔබ නිරන්තරයෙන් වැඩසටහන් වලට යනවා පිරිස් මුණගැහෙනවා කොහොමද පරිස්සමින් ද මේ කටයුතු කරන්නේ...?
                                                      ''මේ ලෙඩේ ඇතුළෙ පරිස්සම් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා මෙතනට ආවත් අපි ඉන්නේ මීටරයක් ඈතින් අපි කලාකාරයො විදිහට තව හරි දේකට එන්න කියලා කිව්වොත් මේ මාස දෙක තුනේදි නම් එන්න විදිහක් නෑ අපි ගෙවල් වල ඉන්නේ කියලා කිව්වොත් එහෙම කියන්න බැහැ  මොකක් හරි සමාජ මෙහෙවරක් කරන්න ඕනේ සමාජ මෙහෙවරට එන්නේ කියන ඕනම තැනකට සෞඛ්‍ය උපදෙස් හරියටම පිළිපැදලා අපි ඉතිං ඇවිල්ලා ඒ වැඩ ටික කරනවා...එකට හේතුව අවුරුද්දක් විතර කාලයක් අපි මේ ලෙඩ එක්ක ඉන්නවා හරණයක් විදිහට ගත්තොත්  tv channels වල අය ගෙදරට වෙලා හිටිය නම්

දැන් තියෙන මානසිකත්වයත් එක්ක ගොඩක් දුරට ගෙවල් වලට වෙලා මිනිස්සු ටීවී බල බල ඉන්නේ ඉතින් මේ හැම දෙනාම ගෙවල් වලට වෙලා හිටිය නම් ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා ආරක්ෂක අංශය සෞඛ්‍ය අංශය වගේම කලාවට සම්බන්ධ සියලු දෙනා ලොකු risk එකක් අරගෙන තමයි කැපකිරීම කරන්නේ සමහර තැන්වලට යන්න වෙනව අපිට පහුගිය ටිකේ අපිට රූගතකරීම්කර ගන්න හම්බුනේ නැහැ  හේතුව අපේ crew එක ගෙන්න ගන්න විදිහක් නැහැ අපි දෙන්නටත් සති හතරක් විතර video  දාගන්න බැරි වුණා....ප්‍රතිචාර  ආවා ඇයි video  එකක් නැත්තේ දාන්නේ නැද්ද එහෙම කියලා උපරිම ආරක්ෂාව තහවුරු කරගෙන රූගත කිරීම් දෙක තුනක් කරගත්තා සීමිත පිරිසක් අරගෙන කැප කිරීමක් නිසා පරිස්සමෙන් කරගෙන යනවා....''

✿දැන් මේ කාල කාලවකවානුවේ වැඩිපුර  අපි ගෙදර ඉන්නේ නිසා අපි හැමෝටම වෙලාව තියෙනවා video  බලන්න,comment කරන්න ඒ නිසා වැඩිපුර videos  youtube  එකට එකතු කරන්න කල්පනාවක් නැද්ද....?
                                       ''එහෙම plan  එකක් ඇත්තටම අපි ගත්තා crew එක ගොඩක් අය පාවිච්චි කරන්නැතුව  අත්‍යවශ්‍ය කට්ටියව ලෑස්ති කරගෙන කරගෙන යනවා දැනටත් රූගත කිරීම් කිහිපයක් කරලා තියෙනවා ඒවා ඉස්සරහට බලන්න පුළුවන් ඇත්තටම අපේ ඔළුවේ තියෙන්නේ මිනිස්සු සතුටින් ඉන්න ඕනෙ කියන කාරණාව....''

✿මම දකිනවා සමහර වැඩසටහන් වලට යද්දි දෙදෙනාම එක විදියට ඇදගෙන යනවා,ඔබ ජනා දිහා බලාගෙන සින්දු කියනවා ඇයි මේ...?

                                       ''එක විදිහට අදින එක නම් ඇත්තටම ගොඩක් වෙලාවට මෙයා සාමාන්‍යයෙන් ඇඳුම් සම්බන්ධව  කිසිම තැකීමක් නැහැ program එකකට යනකොට සාමාන්‍යයෙන් මම ඇඳුමක් ගන්නවා ඒ ගන්නකොට මෙයත් මාත් එක්කනේ ඉන්නේ  මම කියනවා ඉතින් එකක් ගන්න කියලා ඉතින් එයත් අරගන්නවා...කපල් එකක් විදියට එලියට එනකොට දෙන්නෙක් එකතු වෙලා වැඩක් කරනකොට ඉගෙනගත්ත දෙයක් තමයි එකපාරටම පිරිසෙන් අඳුර ගන්න පුළුවන් විදිහට තමයි ඒක හේතුවක් විදියට හදා ගත්තෙ තාමත ලොව මෙයා දිහා බලන් සින්දු කියන එක නම් ඒක යාලුකම තමයි......''

✿ විහිළුවටවත් වෙන්න තරහා වෙලා අමනාප වෙලා ඉඳලා නැද්ද...?
                                   ''අමනාප වෙලා තියෙනවා අමනාප වීමක් කියන්නේ පොඩි පොඩි argument  ගිහිල්ලා පොඩි වෙලාවක් ඉතාමත් පොඩි කාලයක් දැන් අවුරුදු නමයක් විතර වෙනවා අපේ  හිතවත්කමට එක ඇතුලේ අවස්ථා දෙකක් වගේ තමයි මට මතක විදිහට එහෙම තිබුණේ ඒ ගැන මම තමයි කතා නොකර හිටියේ මෙයා කතා කළා...argument එකක් උනාට පස්සේ පොඩි වෙලාවක් හරි  දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න ඕනනේ එයා එහෙම නෑ මෙයාට මතක නැති වෙනවා මෙයාව ඇවිල්ල කතා කරනවා ඊට පස්සේ මම කතා කරනවා...''

✿ඇයි මේ විනාඩිය දෙකේ videos  කරන්නේ ලොකු videos  වලට යන්නේ නැත්තේ ඇයි...?
                                       ''අපිට මුලින් හම්බුනේ පොඩි videos... anlimited package තියෙනවා දැන් ඕන තරම් ඒ දවස් වල තිබුණා ප්‍රශ්නයක් youtube එකේ බැලුවොත්  data වැඩිපුර යනවා කියලා  ඒ නිසා අපි මුල් අවධියේ දී හිතුවා ටිකක් කෙටි ඒව දාන්න ඕනේ කියලා පස්සේ මේකේ ප්‍රතිචාරය හොඳ වුනා එතනින් එහාට සහ අපි දෙන්නම විශ්වාස කරනවා විහිළු කතාවක විහිළුවෙන් පස්සේ audience එකට හිනා වෙන්න දෙන්න ඕනේ එතනින් පස්සෙ චුට්ටක් හරි video  එක ඉස්සරහට යනවා නම්   audience එක හිතනවා මීට වැඩිය හොඳ දෙයක් තව ඉස්සරහ ඇති කියලා සාමාන්‍ය විදිහට video එක ඉවර වෙලා ගියාම    ආයිත් පිටිපස්සට ගිහිල්ලා හිනා වෙන්න බැහැනේ දැන් ජනයි ප්‍රියයි ඇතුළෙ title එකක් විදියට හදාගෙන තියෙනවා comedy video එකෙන් පස්සෙ එහාට පොඩ්ඩක්වත් යන්න නැහැ කියලා...වෙන විදිහකින් ලොකු videos  එන්න පුළුවන්  හැබැයි ජනයි ප්‍රියයි කියන ID එක ඇතුලේ short videos තමා එවෙන්නේ...''

✿ජනයි ප්‍රියයි ඉස්සරහදි අලුත් වෙනවද මොනවද වෙන්නේ...?
                                  ''ඇත්තටම ඒක වෙනස් වෙයි වෙන විදියකට ඒ කියන්නේ පොඩ්ඩක් duration එක අතින් සහ film drama  මැද්දේ දෙවල් ටිකක් කරන්න හිතාගෙන සහ මම පෞද්ගලිකව හිතාගෙන ඉන්නවා අධ්‍යක්ෂක වරයෙක්  විදිහටනේ චමල් වැඩ කරන්නේ මට ආසාවක් තියෙනවා මෙයාගේ අතින් පොඩි drama එකක් කරන්න.... ''

✿ඒ වැඩසටහන බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන් නව නිපැයුම්කරුවෙක් අලුත් විවසායකයෙක් එම කෙනෙක්ට හිතුනොත් මගේ නිෂ්පාදනය සමාජගත කර ගන්න නැත්තම් ජනප්‍රිය කරගන්න  මේ යුගලයට එහෙම කෙනෙකුට හිතුනොත් ඔබ දෙපළ කොහොමද සම්බන්ධ කර ගන්නේ...?
                    ''number  එක තියෙනවා facebook එකේ එතනින් කතා කරන්නත් පුළුවන් එහෙම සම්බන්ධ කරගන්න පුලුවන් අපිව ගොඩක් වෙලාවට කතා කරන්නේ කරන්නෙ මම තමයි මොකද්ද brand එක කියලා බලලා  අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්....''

✿අද වෙද්දි අපි හැමෝම ජීවත් වන්නේ  තරඟයක් තුළ අපි හැමෝටම ආර්ථිකයත් එක්ක ලොකු තරගයක් තියෙනවා එය සටනේ දී බොහෝ වෙලාවට කලාකරුවන්ට තියෙන ගැටළුව  අපේ වටිනාකමත් එක්ක මිලක් නියම කරනවා මේ ප්‍රශ්නයට ඔබත් මුහුණ දෙනවද...?
                                         ''සමහර අවස්ථා වල එහෙම මුහුණ දෙනවා ගොඩක් වෙලාවට  සමහර commercial  පැත්තට ගියාට පස්සේ ඒ   ඒ budget එක වෙනස් වෙනවා  client අනුව වෙනස් වෙනවා ඇත්තටම නමුත් අපි හිතාගෙන ඉන්නවා මේ ගානට තමයි කරන්නේ කියලා ගොඩක් වෙලාවට අපි commercial පැත්තට යන්නේ නැහැ මාසෙට එකක් හෝ මාසෙට දෙකක් වගේ තමයි...එහෙම මාස දෙකක් විතර ඉන්නකොට මාස දෙකක් විතර නිකන් ඉන්න පුළුවන් ලොකු ගානක් අරගෙන මැද හිස් තියෙන නිසා නමුත් එහෙම කරන්න අමාරුයි මේ තියෙන එකත් එක්ක රටක් විදිහට අපි දුප්පත් නේ client ගේ පැත්තෙන් බැලුවොත් එයාලා දුප්පත් අපි දුප්පත් ඒ නිසා ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා 

හැබැයි ඉතින් හරියට දෙයක් කර ගත්තොත් විශේෂයෙන්ම social media පැත්ත මම හිතන්නේ brad එකක් විදියට හදාගන්න පුළුවන් platform එක ලංකාවෙි සහ ලෝකයේ තියෙන ඒ කියන්නේ තමන් කරන ව්‍යාපාරයක් වුණත් ඒ ව්‍යාපාරය දියුණු කරගන්න ඒ ව්‍යාපාරය මිනිස්සු අතරට අරගෙන යන්න ලේසිම platform එකක් හේතුව අතේ phone එකක් තියෙනවා phone එකේ කැමරාවක් තියෙනවා  phone  එකේ edited කරන්න පුළුවන්...ජනයි ප්‍රියයි පටන් ගන්නෙත් එතැනින් අපි අවුරුදු හතරක් යනකම්ම shoot කළේ phone එකෙන්   ඉතිං ඒකත් එක්ක හොඳ platform එකක් තියෙනවා....අපි දකිනවා ගොඩක් කලාකරුවෝ නළු නිළියෝ එහෙම youtube channel  තියෙනවා...ඒවා ඇතුලේ එයාලගේ පවුල් වල විස්තර දාලා ලස්සන දේවල් කරගෙන යනවා මිනිස්සු ආසයි ඒ දේවල් බලන්න කලාකරුවෙක් විදිහට හැම තිස්සෙම කලාව මතම යැපෙන්නේ නැතුව  එතැන ඉඳලා අපිට මේක නෑ කියලා ඉන්නවට වැඩිය එතනින් ඔබ්බට ගිහිල්ලා මොනවා හරි දෙයක් හදාගන්න වෙනවා ඒක අපේ ලංකාවේ හැටියක්...''

✿ඔබ වැනි video  කරන ලංකාවේ ඕනතරම් පිරිස් ඉන්නවා...කාත් එක්කද තරගයක් තියෙන්නේ....?

                                          ''ඒක ඇත්තටම ගොඩක් වෙලාවට youtube channel අතර television channel අතර වගේ තරගයක් නැහැ හේතුව තමයි මම ඒක හැමදාම කියන එකක් comedy කරන අය ගත්තොත් එහෙම youtube channels එක ඇතුලේ ජනයි ප්‍රියයි video එක දාන්න සිකුරාදා නම්,ලකයි සිකයි video එක දාන්න බ්‍රහස්පතින්ද නම්  ඕන කෙනෙකුට බ්‍රහස්පතින්දාට ගිහිල්ලා ඒකත් බලන්න පුළුවන් ඕනනම් සිකුරාදා ජනයි ප්‍රියයි බලන්න පුළුවන්  ඕනනම් වස්ති බලන්න පුළුවන් ඔය තියෙන ඕනෑම video එකක් බලන්න පුළුවන් එතකොට එතන  තරග තියෙන්නෙ ඇත්තටම ගුණාත්මක භාවය ගැන තමයි අපි දාන්න video  එකේ quality එක අනුව තමයි තරඟ තියෙන්නේ  එතකොට අපි දෙන්නම විශ්වාස කරන්නේ තරගය තියෙන්නේ අපිත් එක්ක මීළඟ වැඩේ කොහොමද හොඳට කරන්නේ මිනිස්සු හිනා වෙන මට්ටමට ඒ කියන්නේ වස්ති ට වැඩිය හොඳට කරන එක නෙමෙයි ජනයි ප්‍රියයි ගේ කලින් video එකට වැඩිය

ඊළඟ video එක හොඳ කරන්නේ කොහොමද කියන එක ගැන තමයි තරගයක් තියෙන්නේ   අද හේතුව වස්ති බලන කෙනෙකුට ජනයි ප්‍රියයි බලන්න පුළුවන් ජනයි ප්‍රියයි බලන කෙනෙකුට වස්ති වන්නත් පුළුවන් දැන් සාමාන්‍ය channel  එකක  කතාවක් 8:30 යනකොට  ඒක බලනකොට අපි දැන් අනිත්  channel එකේ ඒ වෙලාවට කතාව බලන්න බැහැනේ එතකොට තරගයක් තියෙනවා  remote එකෙන් channel එක දැම්මට පස්සේ ඒක තියාගෙන ඉන්න එතනත් මම හිතන්නේ වැදගත් 8.30ට channel  දෙකක  කතාව යනවනං වැදගත් වෙන්නේ creativity  එක අපි දෙන්නා අතර තරගයක් විදිහට තියෙන්නෙම   ඒක තමයි අභියෝගයකට තියෙන්නෙ...ඒ ඇරෙන්න තරගයක් නැහැ හිනාව කියන එක එක එක මට්ටම්වලින් ඕන විදිහකට හිනාවෙන්න පුළුවන්....''

✿ජනාටයි ප්‍රියාටයි බැනපු අය නැද්ද....?
                                                   ''කලින් ප්‍රියා මතක් කළා වගේ එකම එකක් තිබ්බා  ඒත් එහෙම බනින අය නම් අඩුයි ආදරේ කරන අය තමයි ගොඩක් හම්බුවෙලා තියෙන්නේ....ගොඩක් වෙලාවට අපි දෙන්නත් දේශපාලනිකකාරණා video වලට ගන්නේ නැහැ....සංවේදී තැන් අතපත ගාන්න යන්නේ නැහැ....බාහිර පරිසරයේ වෙන සිදුවීම් එක්ක ගැටෙන්නේ නැති එකත් එක්ක බනිනවා අඩුයි අපිට....''

✿අපේ රට දැඩි වසංගතයට මුහුණ දෙමින් ඉන්නේ  ජීවිතය උදෙසා තරඟයක ඉන්නේ ඒ අතර ඉන්නේ බහුතරයක් ඔබ දෙපලට ආදරය කරන පිරිස ඒ අයට මොනාද කියන්න තියෙන්නේ....?
                                           ''ඇත්තටම කියන්න තියෙන්නේ අපේ ජීවිතය ලැබිච්ච ලොකු වියසනයට එකට පත්වෙලා තියෙන්නේ රට රටම  ලෙඩ වෙලා ඉන්න වෙලාවක්   කරන්න තියෙන එකම දේ සෞඛ්‍ය අංශ අපි විශ්වාස කරන්න ඕනේ  ඒ අය  කියනවනම්  ගෙදරින් එළියට යන්න එපා කියලා කමක් නෑ පොඩ්ඩක් හන්දිය පැත්තට ගිහින් එනවා කියලා වගේ හිතන්නේ නැතුව ඒ වෙලාවේ කැප වෙන්නේ අපි අපටමයි  අපේ පවුල හරියට තියා ගන්න  හරියට සෞඛ්‍යමත්ව ඉන්න තමයි අපි ගෙවල්වල ඉන්නේ  එක ගැන හිතලා තව ටික දවසක්  ගෙවල් වලට වෙලා මේ කාලේ  පරිස්සමින් ඉන්න   හිතේ සතුට තියා ගන්න...විනෝදය පැත්තෙන් බැලුවත් අධ්‍යාපනය පැත්තෙන් බැලුවත් youtube  එකේ ගන්න දේවල් ගොඩක් තියෙනවා  ලංකාවේ ගොඩක් travel කරන කට්ටිය ඒත් traveling  videos වලත් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ වගේ දේවල් බලන්න ....කැමතිම දේ නො ලැබෙයි මේ කාලේ ලැබෙන දෙය කැමතිම දේ කරගෙන පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න....''

සාකච්ඡාව - උදා ඉර - චරණ ටීවී